අලියාගෙන් තවත් අලි පොරොන්දු (Photos)

0

අගෝස්තු 18 වෙනිදායින් පසු එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය සාකච්ඡා අරඹන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පැවසුවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (26) නුවරඑළිය නගර මධ්‍යයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය උදෙසා පැවති රැස්වීමකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ වතුකම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්ණය, ඉඩම් ප‍්‍රශ්ණය සහ අධ්‍යාපනය ඉහළ නැංවීමටද අවශ්‍ය කටයුතු කරන බවයි.නුවරඑළියේ එළවළු ගොවීන්ගේ ගැටලු විසදීමටත් ඔවුන්ට නිසි වෙළෙඳපලක් ලබාදීමට කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. මෙම රැස්වීම නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නවීන් දිසානායක විසින් සංවිධානය කර තිබුණා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC01317 DSC01325 DSC01351 vlcsnap-2015-07-26-16h29m46s175 vlcsnap-2015-07-26-16h30m19s5