ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක්..!

0

වර්තමානයේදි වඩා වැදගත් වන්නේ ගුණදම්වලින් සපිරි යහපත් පාලනයකින් හෙබි සාමය සහ යුක්තිය රජයන පරිසරයක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.නත්තල් දින සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කරයි.එම නිවේදනය පහත සදහන් වේ.

දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ලොවට බිහි වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි.වර්තමාන සමාජය ද ඉල්ලා සිටින්නේ යහපත් පරිසරයකි. ගුණ දම් සපිරි වටපිටාවකි. යහපත් පාලනයකි. නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයකි.

යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපදවන බව ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් ය.එහෙයින්, අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන යහපත් දේ ඉපැදවීමටය. යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමටය.යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ නත්තල් දිනය සමරන අප සැමට නත්තල අර්ථවත් කර ගත හැක්කේ එවිටය.

ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක්..!

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක හා විපක්‍ෂ නායක