පෙළ ගැසෙමු එක්සත්ව එක්සිත්ව දුරලමු

0

සුනාමි නවවැනි සංවත්සරය හෙටට (26)යෙදි තිබේ.සුනාමියෙන් පිඩාවට පත්වු අය සහ මිය ගිය අය සිහි කිරිම සදහා පෙරවරු 09.27 සිට පෙරවරු 09.30දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමණාකරන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලිමක් කරයි.මේ වෙනුවෙන් සංවිධානය කරන උත්සවය හෙට කළුතර ප්‍රදේශයේදි අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වේ.

මෙවර මෙහි තේමාවි ඇත්තේ “පෙළ ගැසෙමු එක්සත්ව එක්සිත්ව දුරලන්න ආපදා යන්නයි “.2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින මෙරටටද බලපෑ සුනාමි ව්‍යවසනයෙන් 40000 වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් විය.මේ වෙනුවෙන් හෙට දිනයේදි දිප ව්‍යාප්තව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකවනු ලැබේ.