සන්ධානය හමුවේ ජනපතිගේ සිරික්කිය (Photos)

0

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය අද (28) එළි දැක්වුණා.මේ සදහා විශාල පිරිසක් එක්ව සිටී අතර කොළඹ, හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී මෙය පැවැත්වුණා.

අද උදෑසන කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මැතිවරණ ප්‍රකාශය පිළිගැන්වූ අයුරු .

026-1024x508 036-1024x517 045 (1)

අනාගතයට සහතිකයක් යන මැයෙන් එළි දැක්වෙන එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ, ඉදිරි කාලසීමාව තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙල අන්තර්ගතයි.

සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය පැවැත්වීම සදහා නෙළුම් පොකුණ හෝ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව ලබා දෙන ලෙසට ඉල්ල්ලීමක් කලද ආණ්ඩුව එය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.එසේම ස්වාධින රූපවාහිණි නාලිකාව හරහා මෙය මුදල් ගෙවමින් ප්‍රචාරණය කරන ලෙසට සන්ධානය එම පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කලද එයද ප්‍රතික්ෂේප කර තිබෙනවා.