ජනවාරි 08 තවත් පොලිෂ් වේ ! (Photos)

0

යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (28) දිනයේදී සිදු කලා.

සිවිල් සහ දේශපාලන සංවිධාන 110ක් සමඟ පොදුමහජන ගිවිසුමට එළඹීම මෙහිදි සිදුවූ අතර මෙය ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා.

ජනවාරි 8 ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සදහා වූ පොදු මහජන ගිවිසුම නමින් මෙම ගිවිසුම නම් කර තිබෙනවා. එය මූලික කරුණු 14කින් සමන්විතයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීම,කේවළ ආසන හා සමානුපාතික ක්‍රමවල සම්මිශ්‍රනයකින් යුතු නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම,අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සහ පොදු ප්‍රවාහන සේවා ආරක්ෂා කර ගනිමින් රැකියා සම්පාදනය, ළමා අයිතිවාසිකම් සහ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ,ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම මගින් ජාතික හා ආගමික සංහිදියාවට අභියෝගයක් නොවන ආකාරයේ රාජ්‍යතාන්ත්‍රයක් ගොඩනැගීම,ජාතික විගමන පනත, තොරතුරු දැන ගැනීමේ පනත, දූෂණ විරෝධී කටයුතු ශක්තිමත් කිරීම, නව පනත් ඇතුළු යහපාලනය ස්ථාපිත කිරීමට අවශ්‍ය නීතිරීති කඩිනමින් සම්මත කිරීම,යහපාලනය ස්ථාපිත කිරීම අරමුණු කර ගත් මහජන ගිවිසුමට අත්සන් කරන කණ්ඩායම්වල නියෝජනයෙන් සමන්විත උපදේශන සභාවක් පිහිටුවා සිවිල් පුරවැසියන්ගේ අදහස් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී දායක කර ගැනීම මෙම ගිවිසුම හරහා අපේක්ෂා කරනවා.

11060295_665350960231080_1709896443068179734_n 11693987_665350956897747_1343993365806485294_n 11796224_665350943564415_8991808525325106363_n 11807624_665351060231070_5124385258334687679_o