අධ්‍යාපන පද්ධතියටම ‘අතීසාරය’

0

මෙපමණ කාලයක් මෙරට නිදහස් අධ්‍යාපන උරුමයක් ලෙස පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කරන ලද්දේ කවර නිර්දේශ මතදැයි ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වන ජාතික ගුරු සභාව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කර සිටි.

එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජාතික ගුරු සභාවේ සභාපති නිමල් පේ‍්‍රමවංශ මහතා මේ බව පවසා සිිටියේ පසුගියදා මහනුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි. එහිදී අදහස් දැක්වූ පේ‍්‍රමවංශ මහතා පවසා සිටියේ ‘‘2016 වසරේ සිට 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබුණා, මෙම තිරණයට එළඹුණේ ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශ මත බව. එම නිර්දේශ වහාම රට හමුවේ තබන ලෙස. එසේම ඔය කියන ඊනියා ජාතික අධ්‍යාපන කොමිසමේ සාමාජිකයන් කවුද කියා, රටට හෙළි කළ යුතුයි. මේ ‘ජාතික අධ්‍යාපන කොමිසම’ මගින් බොහෝ විට රටට හතුරු නිර්දේශ ඉදිරිපත් කොට තිබෙනවා. 10 ශ්‍රේණියේ ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය විෂය නිර්දේශයට ගැටුම් නිරාකරණය කියන කොටස ඇතුළත් කරලා, නෝර්වේ සාම භූමිකාව වර්ණනා කොට ඇත්තේත් ඔවුන්ගේ නිරදේශ මතයි. මේ ජාතික අධ්‍යාපන කොමිසම ‘ජාතික ප‍්‍රතිපත්ති’ වෙනුවට ‘විජාතික ප‍්‍රතිපත්ති’ මෙරට අධ්‍යාපනයට එකතු කර තිබෙනවා. මෙවැනි ජාතික අධ්‍යාපන කොමිසමක නිර්දේශ මත ක‍්‍රියාත්මක වන අපේ රටේ මුළුමහත් අධ්‍යාපන පද්ධතියටම අද වනවිට ‘අතීසාරය’ වැළඳී තිබෙනවා. අධ්‍යාපන ඇමතිවරයා ඒ ‘රෝගය’ උත්සන්න වන සෑමවිටම ඊට පිළියම් වශයෙන් ‘අමුඩය ගැසීම’ වැනි ප‍්‍රතිකාර ක‍්‍රම අනුගමනය කරනවා. 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට ගත් පියවරත් එම ආකාරයටමය.

මේ අඳ බාල තීරණය මගින් ආර්ථික අපහසුතා සහිත ග‍්‍රාමීය දක්‍ෂ දරුවන්ට තම අධ්‍යාපන ගමන් මෙ`ගහි ඉහළට යාමට තිබූ ඉනිම`ග ඉවත් කොට තිබෙනවා. කන්නන්ගර ශ‍්‍රීමතාණන් විසින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයේ එක් ‘රුවන් දොරටුවක්’ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ගත් ඉතාමත් අඳ බාල තීරණයක් මගින් වසා දමා තිබෙනවා.

මේ අනුව ශිෂ්‍යත්ව විභාගය සමත්ව ජනප‍්‍රිය පාසලකට ඇතුළත් වීමට තිබූ අවස්ථාවත් ආර්ථික දුෂ්කරතා සහිත සිසුන් 15,000කට ශිෂ්‍යාධාර හිමිකර ගැනීමට තිබූ අවස්ථාවත් කප්පාදු කර තිබෙනවා. මෙම නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව පෙළ ගැසෙන ලෙස අප නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රතිලාභ හිමි කරගත් සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

5 ශ්‍රේණියේ දරුවන්ට දැඩි මානසික හා ශාරීරික පීඩාවක් මෙම විභාගය පැවැත්වීම නිසා ඇති වන බව අවිවාදිතයි. එහෙත් ඊට පිළියම ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම නොවෙයි.

ජාතික ගුරු සභාව ලෙස අප යෝජනා දෙකක් ඉදිරිපත් කරනවා. ළමා මනෝ වෛiවරුන් පවසන ආකාරයට දරුවකුට වයස අවුරුදු 10 දක්වා පවතින්නේ අනුකාරක මොළයක්. ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වන්නේ වයස අවුරුදු 11 සිටයි. එම තත්ත්වයන් සැලකිල්ලට ගමිනිමින් අපි යෝජනා කරනවා, 7 ශ්‍රේණියේදී හෝ 8 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාගයක් පැවැත්වීමට කටයුතු යොදන ලෙස. පළමු යෝජනාව විදියට එම පෙරමුණ ඉදිරිපත් කරනවා.

දෙවන යෝජනාව, දැනට ජනප‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරමින් ඔවුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගයක් පැවැත්විය යුතු නැහැ. 7 හෝ 8 ශ්‍රේණියේදී ඔවුන්ට සාධන මට්ටමට ඇගයීමේ පරීක්‍ෂණයක් පැවැත්වීම ප‍්‍රමාණවත්.

මෙම යෝජනා ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කරනවා. ඒ සඳහා මෙරට නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සියලූ සිසු, ගුරු, දෙමව්පිය පිරිසගේ සහයෝගය බලාපොරොත්තු වෙන බව ද එම පෙරමුණ පවසා සිටියා. ’