අගමැති සංඝරත්නයට අපහාස කළා

0

අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයට පල ප‍්‍රකාශ කිසිසේත්ම ඔහුට උචිත වැති බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ විසින් මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි. සීලරතන හිමියන් මහානායක හිමිපාණන් මුණ ගැසී හමු වු අවස්ථාවේදී පවසා තිබෙන්නේ අගමැතිවරයාගේ ප‍්‍රකාශය දැඩි සේ පිළිකුල් කරන බවයි.

තව ද මත්කුඩුවලට එරෙහිව කතා කලේ රටේත් ජනතාවගෙත් ජුජනීයත්වයට පත් වු භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් මහනකමක් නොමැතිව ශාසනයට නොගැලපෙන අයුරින් ජිවත්වන චිවරධාරින් සිටින්නේ නම් අගමැතිවරයා ඒ අය සිවුරු හැරවා ගෙදර යැවීම සිදු කළ යුතු බවයි.

මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් පිළිකුල් සහගත ලෙස කරුණු ලබන ප‍්‍රකාශ දැඩි සේ හෙලා දකින බව ද උන්වහන්සේ පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සංඝරත්නයෙත් මහානායක හිමිපාණන් වහන්සේගෙත් ජනාධිපතිවරයාගෙත් අවධානය යොමු කොට මේ පිළිබඳ සමාව අයැදීමක් කරවන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කර තිබේ.