ලොරියට යටවී අයෙක් මරුට

0

දිඹුලපතන, අගිල්වත්ත කොටගල ප්‍රදේශයේ ගල්කොරියක නවතා තිබූ පස් පැටවූ ලොරියක් ,ලොරි රථයේ රියදුරු නොමැතිව ඉදිරියට පැමිණ පෙරළීමෙන් පුද්ගලයෙකු අද (15) ජිවිතක්ෂයට පත්ව තිබේ. ජිවිතක්ෂයට පත්වුයේ අවුරුදු 19 ක් වයසැති හැටන් ප්‍රදේශයේ පදිංචි චානක බණ්ඩාර නමැති අයයි. ඔහු එම ගල්කොරියේ සේවය කල අයෙකි. මෘත ශරිරය කොටගල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ. ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ දිඹුලපතාන පොලිසිය විසින් සිදු කරනු ලබයි.