Home / ක්‍රීඩා / පරාජයේ මතකය මැදින් සංගා යයි…
Sanga_lankanewsalert_New_08_07_2015

පරාජයේ මතකය මැදින් සංගා යයි…


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් එදා මෙදාතුර බිහිවූ දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙස කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන්ද සමුගැනීම අද නිල වශයෙන් සනිටුහන් කළා.ඉකුත් ලෝක කුසලාන තරඟාවලියේදී එක්දින පිටියේ සමුගැනීම සනිටුහන් කළ සංගක්කාර තමන් ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ දෙවැනි තරඟයෙන් ටෙස්ට් පිටියෙන්ද සමුගන්නා බව ප්‍රකාශ ක‍ර තිබුනා.

ඒ අනූව සංගක්කාරට ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් සමුගැනීම සනිටුහන් කිරීමට මීට ටික වේලාවකට පෙර ඉඩ ප්‍රස්ථාව ලැබුණු අතර එම තරගයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා ලකුණු 278ක දැවැන්ත ජයක්ද ලැබීය.

මෙම තරඟයේදී ඉන්දියාව පළමු ඉනිමට ලකුනු 393ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පිළිතුරු වශයෙන් ලකුණු 306ක් රැස් කළේය.යළි දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 8ට ලකුණු 325ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට ලකුණු 413ක ඉලක්කයක් ලබාදුන්නේය.කෙසේ වුවද ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 134කි.

අවසන් ටෙස්ට් තරඟයේ ඉනිම් දෙකේදීම කුමාර් සංගක්කාරට ලබා ගත හැකි වුයේ ලකුණු (32/18) ලකුණු 50කි.තරඟ 3කින් සමන්විත‍ ටෙස්ට් තරඟාවලිය ඒ අනූව දෙපිළම එකට එක බැගින් ජය ගැනීමට සමත් ව සිටී.

මේ අතර කුමාර් සංගක්කාරගේ ටෙස්ට් දිවියෙහි අවසාන තරගය නරඹා උපහාර දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  මිට සුළු මොහොතකට පෙර පි. සරා පිටියට පැමිණ තිබේ.එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද මේ වන විට පිටියට ඇති අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැමිණීමට නියමිතව තිබේ.

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

ICC_lankanewsalert_08_03_2015

ලංකාවේන් ඈතට යන ලෝක කුසලානය!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (08) පැවති තරගයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පරාජය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තරගයේ ජය හිමි කර ගත්තා.පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දවා ගනිමින්ය.