ලංකාවේ ප‍්‍රථම කාන්තා වෘත්තය සමිතිය ජිනීවා යයි

0

ලංකාවේ ප‍්‍රථම කාන්තා වෘත්තය සමිතිය ජාත්‍යන්තර සංක‍්‍රමණික සේවකයන්ගේ අයිතීන් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 වැනි සැසි වාරය නියෝජනය කිරීමට වරම් ලබයි.සංක‍්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිළිබද එක්සත් ජාතීන්ගේ 23 වැනි සැසි වාරයට සහභාගී වීම සදහා වැඩ කරන කාන්තා පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වන කේ.යෝගේෂ්වරී ජිනීවා බලා පිටත් වීමට නියමිතය.

ආසියානු සංක‍්‍රමණික සේවකයින්ගේ සංසදය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය ඇතිව ‘‘ ගරුත්වය,අයිතිය හා සංවර්ධනය’’ යන තේමාවන් ඔස්සේ සැප්තැම්බර් මස 03 වන දින සිට 09 වන දින දක්වා පැවැත්වෙන මෙම සාකච්ඡුා සැසි වාරය සදහා ඇය සහභාගි වන අතර මෙහිදී ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ පාන අභියෝග සහ ගැටළු සම්බන්ධයෙන් ඇය විසින් කරණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

වැඩ කරන කාන්තා පෙරමුණෙහි ක‍්‍රියාකාරි සාමාජිකාවක් වන ඇය සංවිධානය වූ හා අසංවිධ්ත කාන්තා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වසර 20 ක පමණ කාලයක් තුල කටයුතු කරනු ලබයි. තව ද ඇය මහනුවර කම්කරු දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරන කම්කරු උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් වශයෙන්ද කටයුතු කරනු ලබයි.