හෙරොයින් තියාගෙන මාට්ටු

0

ඔරුගොඩවත්ත මහල් නිවාස ප‍්‍රදේශයේදී අද (15) පස්වරු 2 ට පමණ බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත හෙරොයින් සන්තකයේ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය වයස අවුරුදු 32ක්වූ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලි ග්‍රෑම් 100ක් සොයා ගෙන තිබේ. සැකකාරිය හෙට (16) දින මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.