මට නම් මේ එකක්වත් එපා

0

වත්මන් ව්‍යවස්ථාවත් විධායක ජනාධිපතික‍්‍රමයත් ප‍්‍රතික්‍ෂේප කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය වාසු දේව නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ කොළඹ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ 14 වන සංවත්සරය සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ තමන් ජනතාවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිගන්නා අයෙකු බැවින් මෙරටේ වත්මන් ව්‍යවස්ථාව ප‍්‍රතික්‍ෂේප කරන බවයි. දැන් තිබෙන ජනාධිපති බලය ද, ව්‍යවස්ථාවත් මේ විකෘති ඡන්ද ක‍්‍රමය ද ප‍්‍රතික්‍ෂේප කරන බව අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.