Home / ක්‍රීඩා / ලසන්තිට ලක්ෂ 06 ක් වටිනා නවීනතම රේසින් පාපැදියක්

ලසන්තිට ලක්ෂ 06 ක් වටිනා නවීනතම රේසින් පාපැදියක්

බුලත්සිංහලදී පැවති ජාතික මහ ක්‍රීඩා උළෙලේදී කාන්තා පාපැදි නිමාවේදී අණතුරට ලක්වී තුවාල ලැබූ ප්‍රවීණ පාපැදි ක්‍රීඩිකා ලසන්ති ගුණතිලකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් (අද) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා නවීනතම රේසින් වර්ගයේ පා පැදියක් පිරිනමා තිබේ.

එහිදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රවීණ පාපැදි ශූරියක් වන ලසන්ති ගුණතිලක හට අද දින පිරිනමන ලද නවීන රේසින් පාපැදිය භාවිතා කර රට වෙනුවෙන් අනාගතයේ තව තවත් පදක්කම් ලබා ගෙන රටට ගෞරවයක් ගෙන ඒමට ශක්තිය ලැබෙන්න යනුවෙනි.
20151029_132819

Check Also

ලංකාවේන් ඈතට යන ලෝක කුසලානය!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (08) පැවති තරගයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පරාජය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තරගයේ ජය හිමි කර ගත්තා.පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දවා ගනිමින්ය.