22 හැවිරිදි තරුණයාගේ ලිංගය කපා දාලා

0

කෑගල්ල ප්‍රදේශයේ තරුණයෙකුගේ රහස් ප්‍රදේශය තියුණු ආයුධයකින් කැපීම නිසා ඔහු බරපතල තුවාල සහිතව පසුගියදා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වයස අවුරුදු 22ක තරුණයෙක් මෙම සිදුවීමට මුහුණපා තිබෙනවා . අදාළ තරුණයා දේවාලගම නගරයේදී පසුගියදා රැදී ඇති බවත් එම ස්ථානයට පැමිණි එම ප්‍රදේශයේම තවත් තරුණයන් දෙදෙනෙකු තමාට පහර දුන් බවත් එතැන සිටී එක් තරුණයෙකු තියුණු ආයුධයකින් තමන්ගේ රහස් ප්‍රදේශයට කපා කොටා බරපතල ලෙස තුවාල සිදු කල බවත් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.අදාළ තරුණයාට ශල්‍ය කර්මයක්ද සිදු කර තිබෙනවා.