මෛත්‍රි උපරිමයට යයි ! ශ්‍රිලනිප රැස්වීම් ,සාකච්ඡා වලට තහනමක් !

0

මින් ඉදිරියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම් සාකච්ඡා පවත්වන්නේ නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඒ බව දැනුම්දී එම සාකච්ඡා පැවත්විය යුතු බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පක්ෂ මන්ත්‍රිවරුන්ට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ සදහන් කර ඇත්තේ ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ,පක්ෂ නායකයාගේ අනුදැනුමකින් තොරව පක්ෂය රැස්වීම් ,සාකච්ඡා පැවත්වීම තහනම් බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂවාදීන් විකල්ප සන්ධාන ගොඩ නැගීම සදහා මේ මොහොතේ කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට ශ්‍රිලනිප නායකයන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ .