අධ්‍යාත්මික දියුණුවක් නැතිව කරන භෞතික සංවර්ධනය කන්නද ?

0

රටක් භෞතික වශයෙන් කොතෙක් සංවර්ධනය වුවත් මිනිසුන් තුළ අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති නොවන්නේ නම් ඒ සංවර්ධනයෙන් ඵලක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (14) ලෝක දියවැඩියා දිනය අමතමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ,මිනිසා මානසික සහ ශාරිරික වශයෙන් උසස් මට්ටමක සිටිය යුතු බවයි.භෞතික වශයෙන් කොතරම් සම්පත් පැවතියද අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් නොතිබුණහොත් එයින් ඵලක් නොමැති බව ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියා.

අද තාක්ෂණය දෛනික ජිවීතයට එක්වී ඇති බවත් තාක්ෂණය අද අනිසි ලෙස ජිවීත තුළට එක්වීම නිසා ජිවීන ගමන ඉදිරියට ගෙන යෑම අභියෝගයකට ලක්ව ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.මිනිසාට ඇති උතුම්ම සම්පත නිරෝගි කම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ ,එම නිරෝගිකම පවත්වා ගැනීම තමන්ට පවතින වගකීමක් බවයි.