ඉල්ලුමට අනුව සැපයුමක් නෑ ,එළවළු හැටට හැටේ නගින්නේ මෙහෙමයි !

0

දේශීය වෙළඳ පොලේ උඩරට සහ පහත රට එළවළු මිළ ඉහළ යෑම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්වි තිබෙනවා. දිවයින පුරා දැනට පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට එළවළු ගොවින් අපොහොසත් විම හේතුවෙන් මෙසේ එළවළු මිළ ඉහළ ගොස් ඇති බවයි වෙළදුන් පවසන්නේ.

පවතින ඉහළ එළවළු මිළ ගණන් හමුවේ අඩු මිළට පවතින මඤ්ඤොක්කා, දෙල්, අඹ වැනි දේවල් පාරිභෝගිකයන් විසින් වැඩි වශයෙන් මිළදි ගන්නා බවයි වෙළදුන් වැඩිදුරටත් පවසන්නේ. බෝංචි කිලෝව 240/=, මාළු මිරිස් 330/=, කැරටි 200/=, ගෝවා 150/=, ලීක්ස් 160/=, රාබු 80/=, නෝර්කෝල් 140/= , පතෝල 120/=, කරවිල 200/=, තලන බටු 120/=බණ්ඩක්කා 120/= ක් වශයෙන් වෙළද පොලේ අද සිල්ලර මිළ පවතියි.

මේ අතර අමු මිරිස් කිලෝවක් රුපියල් 1000/= සහ දෙහි කිලෝවක් රුපියල් 600/= ත් රුපියල් 800/= අතර මිළට අලෙවි කෙරේ. පාරිභෝගිකයන් පවසන්නේ මෙසේ එළවළු මිළ ඉහළ යෑම තමන්ට දරා ගත නොහැකි බවයි. එළවළු මිළ ඉහළ යෑම සම්බන්ධයෙන් එළවළු ගොවින් පවසන්නේ පවතින අධික වර්ෂාව හේතුවෙන් තම වගාවන් සම්පුර්ණයෙන්ම විනාශවි ඇති බවයි .මෙම එළවළු මිළ ඉහළ යෑම තවත් මාස ගණනාවකට පැවැතිය හැකි බවද එම ගොවින් අවධාරණය කරනවා .

(හැටන් -රංජිත් රාජපක්ෂ )