Home / සංවාද / මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ….මහින්ද ආයෙත් ගෙන ආ යුතුයි

මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ….මහින්ද ආයෙත් ගෙන ආ යුතුයි

මේ ආණ්ඩුව ඉබා ගාතේ යනවා .ඇමතිවරුන් තවමත් වැඩ කරන්නේ නෑ .මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ.ඒක ජනතාව පවා තේරුම් අරගෙන ඉන්නේ.වැරදි අඩුපාඩු හොයාගෙන ඉන්න වෙලාවේ මහින්ද ආයෙත් ගෙන ආ යුතුයි.ජනතාවගේ බලාපොරොත්තුව ඔහු යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ අවධාරණය කළා.Lanka News Alert  මාධ්‍යවේදිණි  නවංජනා මධුරාණී සමග සංවාදයකට එක්වෙමින් සෝමවංශ අමරසිංහ අවධාරණය කළේ යහපාලන ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නැති බවයි.

01. ඔබ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූයේ ? 

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග පෙළගැහිලා ඉන්නේ.මේ පක්ෂය ක්‍රමානුකූලව විරුද්ධ පක්ෂයක් කියන එක අත් හැරියා.අපේ පක්ෂයේ අනන්‍යතාවය එතනින් අවසන් වුණා .ඒ පෙළ ගැස්ම රටට හංගන්න බෑ .ඒක ජනතාව පවා තේරුම් ගත්තා .ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් යනවා කියලා ජනතාව පවා දන්නවා .දැන් මැතිවරණයට කලින් ජවිපේ විශාල ජයග්‍රහණයක් ලබන බවට මහ විශාල සංදර්ශනයක් කලානේ.ඒ සියල්ලටම වඩා ජවිපේ නායකයාත් එහෙම හිතුවා .හරියටම කිව්වොත් පුම්බපු බැලුමක් හැකිළිලා ගියා වගේ වැඩක් තමයි ජනතා විමුක්ති පෙරමුණට වුණේ.මම ඔය පක්ෂයෙන් එළියට එන්නේ මේ පෙළ ගැස්මත් එක්ක .

ජනතා විමුක්ති පෙරමුණ පෙළ ගැහෙන්න ඕන අධිරාජ්‍යවාදි ගමනකට එරෙහිව .නමුත් එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයෙක් .එහෙනම් මොකක්ද ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂය සමග තියන ගමන.මම ඒ නිසාම තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් වුණේ .මේක මේ දේශපාලන ඉතිහාසයේ සිදුවූ භයානක වැරදීමක්.අද ජනතා විමුක්ති පෙරමුණ සී සී කඩ වෙලා .එජාපයත් එක්ක ගමනක් යන්න බෑ .අනුර කුමාර හිතා ගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂය එක්ක හිටියොත් පක්ෂයට වාසි දායකයි කියලා.එහෙම නෑ .හරිනම් අනුර කුමාර ඔය පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි .

02. ඔබ රනිල් විරෝධියෙක්ද ?

පැහැදිලිවම ඔව් .එයාගේ ප්‍රතිපත්ති මේ රටට ගැළපෙන්නේ නෑ .එයා අධිරාජ්‍යවාදී ගැත්තෙක් .ඒ නිසා තමයි අපි මේ බව දිගින් දිගටම කියන්න මේ උත්සහ කරන්නේ.එයා එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතයෙක් වෙලා.රනිල්ගේ ප්‍රතිපත්ති මේ රටට අහිතකරයි .දැන් රටේ වෙන දේවල් පේනවනේ.දැන් රටේ ආණ්ඩුවක් තියනවාද ?ජනාධිපතිවරයෙක් දැන් රටට ඉන්නවාද ?හැමෝම තුෂ්පින්භූත වෙලා .මේ රට දැන් කාගේද ?ශ්‍රි ලාංකිකයන්ගේද ?එහෙමත් නැත්තම් ඇමරිකා එක්සත් ජනපදයේද ?

SMOMA0103. අද ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය විවේචනය කිරීමේ කොටස්කරුවන් .නමුත් ඔබ ජනතා විමුක්ති පෙරමුණට එජාපය සමග ගමනක් යන බවට චෝදනා කරනවා .ඒක සාධාරණ නෑ නේද ?

ඔව් මම පිළිගන්නවා අද ඒ අය ආණ්ඩුව විවේචනය කරන බව.මේ දේශපාලන ගමනට විරුද්ධ කිහිප දෙනෙක් අද ජෙවිපි එක ඇතුලේ ඉන්නවා .හරියටම කිව්වොත් මම වගේ අය .එහෙම අය ඉන්න ඕන.ඒ හඩ තමයි දැන් ඔය එළියට එන්නේ .

මේ ආණ්ඩුව ඇති කරන්න උපරිමයෙන් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කලා .හැබැයි ඒක කරන්න තිබුණේ ස්වාධින දේශපාලන මතයක ඉදලා .නමුත් අනුරලා ඒක කලේ එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලා.මම ආයෙත් කියනවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අධිරාජ්‍යවාදි ගමනකට එරෙහිව වැඩ කල පක්ෂයක් .දැනටමත් එජාපය එක්ක ගිහින් වෙච්ච වැඩේ ඒ අයට තේරෙනවා ඇති .ඒ නිසා මේ ආකාරයට විවේචන එල්ල කරනවා ඇති .මට ඒ ගැන සතුටුයි.හැබැයි එහෙම යනවා නම් ජනතාවට පැහැදිලිව කියන්න ඕන .වැරැද්ද පිළිගන්න ඕන .වෙච්ච වැරැද්දට සමාව ගෙන නායකත්වය වෙනස් කරමින් පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕන.

04. කවුද ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට සුදුසු ?

ඒක මට කියන්න බෑ .ඒක තෝරන්න ඕන ඡන්දයකින් .හැබැයි වැඩක් කල හැකි මිනිස්සු ඔය අතරේ ඉන්නවා .මට ඒ ගැන මුකුත් කියන්න බෑ .ඒක පක්ෂය විසින් තීන්දු කල යුතුයි .

05. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් යන බවට ඔප්පු කරන්න සාක්ෂි තියනවදා ?

ඕන තරම් තියනවා.ලොකුම සාක්ෂිය තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ මෙහෙයුම.පක්ෂය මෙහෙය වූයේ කොහොමද ?පක්ෂය මෙහෙය වූයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක වැඩ පිළිවෙලත් එක්ක එකතුවෙලා .ඒකම ඇති අද සිනූව අලියා එක්ක ගමනක් යන බව කියන්න.ජනතාව මේක දැක්කා .අපිට කලින් මේක දැක්කේ ජනතාව.දැන් මේ රටේ ජනතාව දේශපාලනයෙන් මුහුකුරා ගිහින් නෑ .නමුත් එයාලට තේරුම් ගන්න පූළුවන් බුද්ධිමත් .

SMOMA0306.රාජපක්ෂ පාලනයත් ඔබතුමාලගේ විවේචනයට ලක් වුණා .දැන් යහපාලනයත් විවේචනයට ලක් කරනවා .මේ දෙකම හරියන්නේ නැත්තම් මොණවගේ රටක් නිර්මාණයද ඔබේ බලාපොරොත්තුව ?

මහින්ද රාජපක්ෂත් බලයට ආවේ බෙදුම්වාදය යුධමය වශයෙන් මුළුමනින්ම පරාජය කරන්න .ඒක සිද්ධ වුණා .ඒ ගරුත්වය ලෝබ නැතුව මහින්ද රාජපක්ෂට දෙන්න ඕන .මේ රටේ උතුරු ,නැගෙනහිර ජනතාව අවුරුදු 30ක් ප්‍රභාකරන්ගේ හිර ගෙදරට කොටු වෙලා හිටියේ.සංවර්ධනය කියපු දේ දැක්කේ නෑ .හැබැයි මහින්ද රාජපක්ෂ ඒ ජනතාවගේ ඉරණම වෙනස් කලා .රණවිරුවන්ට ,සරත් ෆොන්සේකාට ,පවා ඒ ගරුත්වය හිමි වෙන්න ඕන.මහින්දගේ අඩුපාඩු නෑ කියලා මම කියන්නේ නෑ .අඩු පාඩු වුණා .නමුත් තවමත් බෙදුම්වාදය පරාජය කරලා නෑ .තව ටිකක් තියනවා .අන්න ඒ විවේචනය නිසා තමයි යහපාලනය ආවේ .
නමුත් මම යහපාලනයේ කොටස්කරුවෙක් වුණේ නෑ .ඒකට වග කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වය.

ජිනීවා යෝජනා පිළිගැනීම ,ඒවා දෝතින් පිළිගැනීම මේ රජය කරපු බරපතලම වැරැද්දක් .අන්න ඒ නිසා තමයි අපි මේ දිගින් දිගටම කියන්නේ .දැන් එක්සත් ජාතීන්ට ඕනෑ වෙලාවම ලංකාවට එන්න පුළුවන් .ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන් .මේක හොද තත්වයක් නෙමෙයි .මේරට බෙදුම්වාදය පරාජය කරපු රටක් .හැබැයි නැවත මේ රට යටත් විජිතයක් බවට පත් වෙනවා .

රනිල් වික්‍රමසිංහ ප්‍රභාකරන් එක්ක එකතුවෙලා මේ වැරැද්ද කරන්න හැදුවා .හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ උගුරේ ලේ රස වෙනකම් කෑ ගහලා ඒක නතර කලා .රනිල් වික්‍රමසිංහගේ කාලේ මේ රටේ සොල්දාදුවන් බාල්දු කලා .මේ රට ඔවුන්ට අධිරාජ්‍යවාදීන්ට යටත් වෙන්න ඔන්න මෙන්න තිබුණේ .එතකොට 2002දී තමයි රනිල්ව එළලෙව්වේ.රනිල්ව ගෙදර යවපු ගරුත්වය ජනතා විමුක්ති පෙරමුණට ලැබිය යුතුයි . රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ නැවත වරක් බෙදුම්වාදී දේශපාලනය ආරම්භ වෙලා තියෙනවා.

එක පැත්තකින් උතුරේ හර්තාල් .සිංහල බෙදුම්වාදය හිස ඔසවනවා .මේක ඉතාම නරක තත්වයක්.රටට හොද නෑ .ඒ නිසයි කියන්නේ මේ පාලනය රටට හරියන්නේ නෑ කියලා .එක පැත්තකින් අධිරාජ්‍යවාදීන් තමන්ගේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමට උත්සහ කරනවා .මේක නතර කල යුතුයි . අධිරාජ්‍යවාදීන් තම ආධිපත්‍ය තහවුරු කරගන්න සිදු කරන උපක්‍රමය තමයි බෙදුම්වාදය කියලා කියන්නේ.

මෙයාලා මේ නිකන් නෙමෙයි මේ ලංකාවට ආදරය කරන්නේ .පසුගිය දිනවලදී ලංකාවට ආවා ජෝන් කේරි.මොණවාද කියන්නේ ?දැන් හරියට ඇමරිකන් කාරයෝ මේ රටට එනවා .ජෝන් කේරි මොකද කියන්නේ අපේ රට මරමස්තානයක පිහිටලා තියනවා .ඒවගේම ලෝකයේ වෙළද ගමනා කරන මධ්‍යස්ථානයක් ලංකාව .ජෝන් කේරි ඒක පැහැදිලිව කියනවා .එහෙනම් මොකක්ද මේ ආදරය ?ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නද ?නෑ ඒ අයට යටත් කරගන්න .මේ පාලකයන්ට මේ ටික තෙරෙන්නේ නැත්තේ ඇයි ?මේක ජනාධිපතිට ,අගමැතිට පෙන්නේ නැති එක මුළු රටේම අභාග්‍යක්.ඇයි මේ රට යටත් විජිතයක් බවට පත් වෙනකම් පාලකයෝ බලා සිටිනවාද ?

SMOMA0207.තත්වය වෙනස් කල හැක්කේ මහින්ද රාජපක්ෂට විතරමද ?

මේ රටේ කිසිම තැනක යන්න බැරි වුණ රටක් .හැබැයි ඒ තත්වය නැති කරන්න මහින්ද රාජපක්ෂට ධෛවය තිබුණා .බෙදුම්වාදය පරාජය කරන්න ඔහු තීරණාතමක වැඩ කොටසක් කලා .ඒක උතුරු නැගෙනහිර ජනතාව දන්නවා .හැබැයි ඔහුගේ අතින් වැරදි සිදු වුණා.දැන් බලය නැති වෙලාවේ ඔහු ඒක තේරුම් ගෙන තියනවා .මේක කියන්න්කෝ, මේ රටේ ජනතාව වැඩිපුරම කැමති දේශපාලන නියෝජිතයා කවුද ?මහින්ද රාජපක්ෂ .ඒක තමයි කතාව.

දැන් මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි .ජාතික ආණ්ඩුවක් නම් විරුද්ධ පක්ෂයක් ඉන්නේ නෑ .දැන් ඇමතිලා එකට ඇන කොටා ගන්නවා .මෙතන තියෙන්නේ සම්මුතියක් .ආණ්ඩුවේ අභ්‍යන්තර දේවල් දැන් එළියට එනවා .රටක් හරියටම මෙහෙය වන්න නම් හොද නායකත්වයක් තිබිය යුතුයි .මේ ආණ්ඩුව ඉබා ගාතේ යනවා .ඇමතිවරුන් තවමත් වැඩ කරන්නේ නෑ .මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ.ඒක ජනතාව පවා තේරුම් අරගෙන ඉන්නේ.වැරදි අඩුපාඩු හොයාගෙන ඉන්න වෙලාවේ මහින්ද ආයෙත් ගෙන ආ යුතුයි .ජනතාවගේ බලාපොරොත්තුව ඔහු .

08. වීරවංශ ,සෝමවංශ එකතු වෙලා මොණවාද මේ කරන්නේ ?

මේරට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා .ලොකු වැඩ කොටසක් .මම පැහැදිලිව කියන්නේ බෙදුම්වාදය දේශපාලන වශයෙන් පරාජය කරන්න මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ආ යුතුයි කියලා. මොකද එදා මහින්ද රාජපක්ෂ බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජය කලත් ඔහුට එය දේශපාලන වශයෙන් පරාජය කරන්න බැරි වුණා .ඒ තත්වය නැති කරන්න නැවතත් මහින්ද රාජපක්ෂට අවස්ථාවක් ලබා දිය යුතුයි.

සටහන -නවංජනා මදුරාණි

Check Also

කොටි සැමරුම් මහින්දටත් හුරුයි -අධිකරණයට ගල් ගැසීම ලෝක ස්වභාවයයි

අපි හැමෝම දන්නවා උතුරේ ප්‍රභාකරන්ට පක්ෂ පිරිසක් ඉන්නවා.ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වනවා.ඊලාම් ධජ ඔසවනවා.රජය ඒවා ඉවත් කරමින් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.ඕවා මහින්දගේ කාලෙත් මේ විදියටම වුණා.