අවුලක් නම් දැන්ම කතා කරන්න (Photos)

0

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වූවා .දිවයින පුරා මධ්‍යස්තාන 4670 කදී විභාගය පැවැත්වෙන අතර අයදුම්කරුවන් 664,715 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතයි.

අද පෙරවරු 8.30ට විභාගය ආරම්භවූ අතර විභාග අක්‍රමිකතා සිදු වන්නේ නම් ඒ පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංක වෙත යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.ඒ අනුව 1911, 119, 0112 784 208, 0112 784 537, 0113 188 350, 0113 140 314 යන දුරකථන අංක මේ සදහා විවෘත කර ඇත.

එසේම අද ආරම්භවු අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයට වතුකරයේ සිසු සිසුවියන් උද්යෝගයෙන් යුතුව විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ආකාරයක් අප කැමරා කාචයේ සටහන් වුණා.වතුකරයේ සෑම ප්‍රධාන නගරයකම පිහිටි ප්‍රධාන පාසල් විභාග මධ්‍යස්ථාන වශයෙන් නම්කර තිබෙනවා. එම සෑම විභාග මධ්‍යස්ථානයකටම දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

DSC02316 DSC02325 DSC02328 DSC02331

ඡායාරූප -හැටන් රංජිත් රාජපක්ෂ