ක්‍රිකට් ලොකු පුටුව තිලංගටයි – අර්ජුණට ඇපත් නෑ ,අයියෝ සල්ලි !

0

ශ්‍රි ලංකන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සදහා අද (03) තිලංග සුමතිපාල වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගැණුනා.

ඡන්ද 88ක් ලබා ගනිමින් තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත් කෙරුණු අතර නිශාන්ත රණතුංගට නම් මෙහිදී ලබා ගත හැකි වූයේ ඡන්ද 56ක් පමණී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් උප සභාපති ධූරයන් සඳහා ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් පත් කර ගනු ලැබුවා.එහිදී ජයන්ත ධර්මදාස ඡන්ද 102ක් ක් ලබා ගත් අතර කේ. මතිවානන් ලබා ගත්තේ ඡන්ද 90ක් පමණී.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය සඳහා මොහාන් ද සිල්වා පත් කරගනු ලැබූ අතර උප ලේකම් ධූරය හිමි වූයේ රවීන් වික්‍රමරත්නටයි.

උප සභාපතිවරයා ලෙස අර්ජුණ රණතුංගද තරග කරනු ලැබූ අතර ඔහුට ලබා ගත හැකි වූයේ ඡන්ද 80ක් පමණී.

ඒ මොහොතේදී මාධ්‍ය අමතමින් අර්ජුණ රණතුංග කියා සිටියේ , තමන් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා පටිපාටිය ගැන සෑහිමකට පත් වන්නේ නැති බවයි.කෙසේ නමුත් ක්‍රිකට් අනාගතය පිළිබද තමන් බලා සිටින බවද අමාත්‍යවරයා සදහන් කලා.

sri lanka cricket