හිරුණිකා කසිප්පු පෙරන ගෑණි වගේ ,අත්අඩංගුවට ගන්න බැරි නම් ගෝල්ෆේස් එකට ගෙනත් මඩු වලිගයෙන් තලපියව් !

0

හිරුණිකාගේ හැසිරීම පිළිකුල් සහගත බව රාවණබලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (04) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ,

මහා දවාලයේ තරුණයෙකු පැහැරගෙන ගිහිල්ලා ,බංකුවක් උඩ වාඩිවෙලා තර්ජනය කරලා ,හිරුණිකා හැසිරිලා තියෙන්නේ ගම්වල කසිප්පු පෙරන ගෑණු ඉන්නේ අන්න ඒ කසිප්පු පෙරන ගැහැණියක් වගේ.

මේ සිදුවීමට අදාළව සියළුම සාක්ෂි තියනවා.පොඩි ළමයා සාක්ෂි දෙනවා .මේ සියල්ල තියෙද්දි අද වෙනකොට ඇයව අත්අඩංගුවට ගන්නේ නෑ .එහෙනම් සිරිසේන මහත්තයෝ හිරුණිකාව ගෙනල්ලා ගෝල් ෆේස් එකෙන් තියලා ඔය මඩු වලිගෙන් තලන්න.