ගැබිණි මවට සරසවි කථිකාචාර්යවරයාගෙන් අතවර

0

බළන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී 29 හැවිරිදි ගැබිණි මවකට අතවර කල සබරගමු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

35 හැවිරිදි සැකකාර විවාහක කථිකාචාර්යවරයා බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.