ගංජා හොදායි ..දුම්කොළ නරකයි …2020 තහනම් !

0

2020 වන විට දුම්කොළ වගාව සම්පූර්ණයෙන් තහනම් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි .ඊයේ (04) අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

දැනටමත් සිගරැට් දුම්කොළ වගා කිරීම බොහෝ දුරට අඩුවී ඇති බවත් එය ක්‍රම ක්‍රමයෙන් අඩු කොට 2020 වර්ෂයේදී මුළු මනින්ම අවසන් කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ.

මේ අතර පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න දැක්වූයේ මෙවන් අදහසකී .

(උපුටා ගැන්ම )

ලංකාවේ ගංජා වවන්න අවසර

ආයුර්වේද ඖෂධ සංස්‌ථාව විසින් කංසා (ගංජා) වගා කිරීමේ නව වැඩසටහනක්‌ ළඟදීම ආරම්භ කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. වාද්දුව පොතුපිටිය පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යරයා සදහන් කලේ , ඖෂධ සෑදීම සඳහා විශාල මුදලක් වැය කරමින් කංසා ඉන්දියාවෙන් මිලට ගෙන එන බවයි . ශ්‍රි ලංකාව තුළ කංසා වගා කිරීමෙන් එම මුදල රටට ඉතිරි කර ගැනීමට හැකියාව පවතින බවත් කංසා වගා කිරීම සදහා යුධ හමුදාවේ සහයද ලබා ගන්නා බවයි අමාත්‍යරයා වැඩිදුරටත් සදහන් කලේ.

(උපුටා ගැන්ම අවසන් )