මා කැමැතිම පිරිමි දහදෙනා

0

මෙවර ‘මා කැමැතිම පිරිමි දහදෙනා’ වි‍ශේෂාංගයට එක් වන්නේ ජනප්‍රිය නිවේදිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක වන තනූජා ජයවර්ධනයි.

1. කැමැතිම නිවේදකයා

එම්.ටී.වී ඉන්දියා මාධ්‍ය නාළිකාවේ නිවේදක නිඛිල් චින්නප්පා

නිඛිල්ට එයාගෙම නිවේදන හැඩතලයක් තිබෙනවා. ඔහු නිවේදන කටයුතු සිදුකරන්නේ ස්වභාවික විදිහටයි.

ඉන්න ආකාරයෙන්ම ඔහු අපූරු විදිහට නිවේදන කටයුතු සිදු කරනවා. නිඛිල්ටම අනන්‍ය වූ හැකියාවක් ඔහුගේ නිවේදන කලාව තුළ ඔහු ප්‍රකට කරනවා. ඒ වගේම ඔහුගේ නිවේදන කලාව සාමාන්‍ය මිනිසුන් සමඟ

හරිම සමීප වු එකක්. මම ඔහුගේ නිවේදන කලාව ඔස්සේ මගේ නිවේදන කලාවට බොහෝ දේ එකතු කරගෙන තිබෙනවා.

2. කැමැතිම ක්‍රීඩකයා

කුමාර සංගක්කාර

ඔහු හොඳයි දක්ෂයි ලස්සනයි. හැන්ඩ්සම්. එනිසා මම ඔහුට කැමැතියි.

3. කැමැතිම පුවත්පත් කතුවරයා

ජයන්ත චන්ද්‍රසිරි

පුවත්පත් කලාවේදියෙක් විදිහට මම ඔහුව හුඟක් අගේ කරනවා. මම ඔහුගේ ලේඛන කලාවට එදා ඉදලම කැමැතියි. ඔහු ලියන විදිහට මම කැමැතියි.

සෑම ක්ෂේත්‍රයකම පැතිරුණු දැනුමක් බුද්ධියක් ඔහුට තිබෙනවා.

4. කැමැතිම ගීත රචකයා

මහාචාර්ය සුනිල් ආරියරත්න

ඔහු ලියූ හැම ගීතයක්ම මට මගේ කර ගන්න පුළුවන්.

5. කැමැතිම නළුවා

ශාරුක් ඛාන්

ශාරුක් ඛාන් දක්ෂ නළුවෙක්. දක්ෂකම ඉහවහා ගිය සුන්දරත්වයක් ඔහු තුළ තිබෙනවා.ඔහු ස්ක්‍රීන් එකේදි දකින විට ඕනම කෙනෙකුට ඔහුට ආදරේ හිතෙනවා.

6. කැමැතිම චිත්‍රපට

අධ්‍යක්ෂකවරයා විමුක්ති ජයසුන්දර

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමා මාධ්‍ය තුළ ඔහුටම වෙන්වූ අනන්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම

ඔහු තරුණ අධ්‍යක්ෂකවරයෙක්. ලෝකය දෙස විචාරශීලී මනසකින් යුතුව බලලා ලෝකයේ තිබෙන යථාර්ථය සිනමාවට නැගූවෙක්. එම කලා කෘති‍ වෙනුවෙන් ලෝකයෙන් එල්ල වන චෝදනාවලට නොබියව ඔහු මුහුණ දුන්නා. ඔහු මනුෂ්‍යත්වය අගයන කලාකරුවෙක්.

7. කැමැතිම වෛද්‍යවරයා

වෛද්‍ය අනිල් ජාසිංහ

රට ජාතිය වෙනුවෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු කරන මෙහෙවර ප්‍රශංසනීයයි. රටේ ජාතික අපදා අවස්ථාවක දී ඔහු කරන සේවය ඒ වෙනුවෙන් කරන කැපවීම හා ඉවසීම විශාලයි. මම ඔහුගෙන් බෙහෙත් අරන් නැහැ. නමුත් ඔහු සමඟ රූපවාහිනී වැඩසටහන් කරලා තිබෙනවා. ඔහුගේ ඒ නිහතමානීකමට මම කැමැතියි.

8. කැමැතිම නර්තන ශිල්පියා

චන්න විජේවර්ධන

චන්න විජේවර්ධන කියන්නේ නර්තන කලාව වෙනුවෙන් අලුත් දෙයක් කළ නර්තන ශිල්පියෙක්. ලංකාවේ නර්තන කලා ශිල්පය සම්ප්‍රදාය රැකගෙන නවීන සමාජය කරා ගෙනයාමට ඔහු මූලිකත්වය දුන්නා.

09.කැමතිම සංගිත අධ්‍යක්ෂක 

රංගටත් සංගීත කලාව තුළ ඔහුටම ආවේණික වූ අනන්‍යතාවයක් පවතිනවා. ලංකාවේ තරුණ පරපුරේ සංගීතඥයන් අතුරින් ඔහු ඉහළ තලයේ පවතින ගීත රැසක්ම නිර්මාණය කොට තිබෙනවා.

10. කැමැතිම ගුරුවරයා

නිමල් ලක්ෂපතිආරච්චි

මම මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන විට මේ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගුරුහරුකම් ලබාදුන්නේ ඔහුයි. මාධ්‍ය කලාව තුළ ඔහු මගේ කැමැතිම ගුරුවරයායි.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
උපුටා ගැන්ම – රසදුන