ETCA එයි ! ශ්‍රි ලංකාවේ රැකියා අනතුරේ ..ජාතික ආරක්ෂාව අනතුරේ ..ආර්ථිකය මරු කටේ …

0

ජනතා විරෝධය නිසා හකුළා ගත් කුප්‍රකට සීපා ගිවිසුම වෙනත් ආකාරයකින්  (ETCA) ලෙස යළි පැමිණ ඇති බවත් මේ ගිවිසුම හරහා රටේ දළ දේශිය නිෂ්පාදිතයෙන් 60% ක් පමණවූ සේවා වෙළදාම ඉන්දියාවට විවෘත්ත කර ඇති බවට ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය තොරතුරු අනාවරණය කරනවා .ඔවුන් මෙම ගිවිසුම පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා අද (02) පෙරවරුවේදී (ETCA) එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ විරෝධතා අත්පත‍්‍රිකා ව්‍යාපාරයක් කොටුව දුම්රිය ස්ථානය අවට ,මරදාන දුම්රිය ස්ථානය අවට සහ මහලේකම් කාර්යාලීය දුම්රිය ස්ථානය අවටදී පැවැත්වූවා .

මේ ගිවිසුම හරහා ශ්‍රි ලංකාවේ වර්තමාන සහ අනාගත පරපුරේ රැකියා අනතුරේ දැමීමක් ,ශ්‍රි ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්වාධිපත්‍ය දැඩි අවධානමකට හෙළීමක් සහ ශ්‍රි ලංකාවේ ආර්ථිකය ශ්‍රි ලාංකිකයාගෙන් ගිලිහී යන බවට එම අත්පත්‍රිකාවේ කරුණු සදහන් .

පහත දැක්වෙන්නේ මේ සදහා අදාළ අත්පත්‍රිකාවයි .

leaflet-water