රටේ ආර්ථිකය වළපල්ලේ ,රට කරන එක ලේසි නෑ

0

නිසි ආර්ථික කළමණාකරනයක් නැති වුවහොත් රට විශාල ආර්ථික අර්බුධයකට මුහුණ පානු ඇති බව , මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රටේ ආර්ථික කළමණාකාරීත්වය සකස් කර ගැනීම අතිශයින් වැදගත් බවත් එසේ නොකළහොත් , රට ඉදිරියට ගෙන යෑම ඉතා අපහසු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.

රටේ නියම ආර්ථික තත්වය සැගවීමට අපට කිසිදු උවමනාවක් නැති බවත් මේ මොහොතේ සියළු දෙනා එකට එක්වී රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.