ප්‍රභාකරන් පණ පිටින් තියන්න අපිත් උත්සහා කලා

0

ශ්‍රි ලංකාවේ යුද්ධය පැවති කාල සීමාවේදි සටන් කිරීම නවත්වන ලෙස ප්‍රභාකරන්ගෙන් ඉන්දියාව ඉල්ලිමක් කලද එය ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රභාකරන් සමත් නොවුන බව ඉන්දිය මුදල් ඇමති පිගචිදම්බරම් මහතා පවසයි.

එරට රූපවාහිනි නාලිකාව සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදි ඔහු මේ බව සදහන් කර තිබේ.

ඒ දිනවලදි ප්‍රභාකරන් හට ඉන්දියාව ප්‍රකාශ කල දෙය පිළිබද සැලකිමෙන් කටයුතු කලා නම් අද වන විට ඔහු ජීවතුන් අතර සිටින බවද ඒ මහතා පෙන්වාදි තිබේ.

යුද්ධය පැවති අවසන් කාලසීමාවේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වේළුපිල්ලේ ප්‍රභාකරන්ද දැඩි ස්ථාවරයක සිටි අතරම මේ දෙපාර්ශවයෙන්ම මේ පිළිබද ඉල්ලිමක් කල බවද එරට මුදල් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

ඉන්දු ශ්‍රි ලංකා ධීවර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉන්දිය මධ්‍යම රජය සුදානමින් සිටින අතරම තමිල්නාඩුව මේ පිළිබද සාකච්ඡා කිරිම සදහා නිශ්චිත දිනයක් ලබාදි නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ .