‘ජීවිතේ turn වෙන්නේ” milliseconds ගාණකින්…’

0

අසමජ්ජාති ආදරය නවකතාව භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතාගේ පළමු කෘතිය වේ.මෙම නවකතාව ජනගත කිරිමේ උළෙල ජනවාරි (28) පස්වරු 3.00 ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

නවකතාවේ තේමාව වන්නේ ‘ජීවිතේ turn වෙන්නේ” milliseconds ගාණකින්…’ යන්නය.

මෙම නවකතාවේ තේමාව ඔහු මෙසේ විග්‍රහ කර ඇත.එනම්,සමාජවාදිව කැපිටලයින්ස් වෙන්නේ,අංගුලිමාල අහිසංකයෙක් වෙන්නේ,අම්මලා කුඩම්මාලා වෙන්නේ,ප්‍රේමවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නේ,දේශදෝහියෝ දේශප්‍රේමියෝ වෙන්නේ මිනි තත්ත්පර ගණනකයින්ය. යන්න ඔහු විග්‍රහ කර ඇත.මෙහි කතාව එක් නවකතාවක් වුවද විවිධ චරිත හරහා කතා කිහිපයක් ගොඩනැංගෙනු ලැබේ.

උදාහරණ ලෙස විශ්ව විද්‍යාලය ඇතුලත ඇතිවන තාවකාලික ආදරයක්,නොයෙක් ආකරයේ ප්‍රේම සම්බන්ධතා කතා හා විශ්ව විද්‍යාලය තුල සිටින ආචර්්‍යයවරයෙකු වෙනුවෙන් තම ජිවිතය පරිත්‍යාග කරන කැප කරන ශිෂ්‍යාවක් පිළිබඳව යනාදි විවිධ කතා මෙහි තිබේ.

අසමජ්ජාති ආදරය නවකතාවේ භාෂාව පිළිබඳව විශේෂ දෙයක් කිවයුතුය.ඒ සාහිත්‍ය නිර්මාණයක් වර්තමානයට ගැලපෙන අයුරින් යාවත්කාලීන විය යුතු බවයි.එනම් පට්ට,ආතල් ආදි වචන මෙම නවකතාව පුරා ගැබ් වෙන බව මෙම නවකතාවේ කර්තෘ භාරත ප්‍රභාෂණ මහතා පවසයි.

Invitation 4copy