අත්යන්ත්‍ර මෝස්තර නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ගාල්ලේ

0

ශ්‍රී ලංකා, ඉන්දිය යුරෝප අත්යන්ත්‍ර මෝස්තර නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් හා අළෙවි පොළක් ලබන සිකුරාදා (10) ගාල්ල පුරහලේදි පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සඳහා නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දීය සාරි, කබායන්, කුර්තා ඇතුළු ඉතා ඉහළ වටිනාකමකින් යුත් අත්කම් රෙදිපිලි නිර්මාණ වන අතර එය දේශීය සම්ප්‍රදායට අනුව ලොව ඉහළම වාණිජ මට්ටමෙන් තරගකල හැකි අයුරින්ය.අත්කම් රෙදිපිළි මගින් මෝස්තර නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ වුයේ 2013 වසරේ මාර්තු මස ගම්පහ මොරගොඩ ලිය අබිමන මෝස්තර මධ්‍යස්ථානයේ දීය.

ශ්‍රී ලංකීය ඉන්දියානු සාරි මෝස්තර අත්කම් රෙදිපිළි මගින් නිර්මාණය කිරීම ශ්‍රි ලංකාවට හදුන්වාදීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුවිය.එය මෙහෙයවනනු ලැබුවේ ලිය අබිමන සංවිධානයේ සභාපති නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය වන අතර එහි උපදේශකත්වය ඉන්දීය මෝස්තර නිර්මාණ පිළිබද ප්‍රවිණ උපදේශිකා ඉෂාරා හරිස්චන්ද්‍ර මහත්මිය විසින් සිදුකරනු ලැබේ.

ගාල්ල පුරහලේදී 10වැනිදා පැවැත්වෙන ප්‍රදර්ශනයය සහ අළෙවි පොළ සදහා ජාත්‍යන්තර මට්ටමෙන් තරඟකල හැකි නව නිර්මාණ රැසක් ඇති අතර එහි ඇතුල්වීම නොමිලේය.මෙවැනි අත්කම් නිෂ්පාදන චීනය සහ ඉන්දීය ඇතුළු රටවල් කිහිපයකම බෙහෙවින් ප්‍රචලිතය. මෙය ශ්‍රී ලංකාවේ රැකියා විරහිත කාන්තාවන් සදහා ඉහළම ආදායමක් ගෙන දෙන නව ප්‍රවේශයක් ලෙස හදුන්වාදී ඇත.

කාන්තා සාරිද ඇතුළුව අත්කම් රෙදිපිළි නිෂ්පාදනය සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් හීන් නූල් නිෂ්පාදනයේ නිරතවන පිරිසටද දැන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇත.අත්කම් රෙදිපිළි කර්මාන්තයට අවශ්‍ය හීන් නූල් නිෂ්පාදකයින්ට මෙතෙක් ගෙවූ දෛනික වැටුප දෙගුණයකින් වැඩිකිරීමට බස්නාහිර පළාත් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය දැනටමත් පියවර ගෙන ඇත. බස්නාහිර පළාතේ පැවති පේෂකර්ම මධ්‍යස්ථාන වලින් ස්ථාන 54 කින් මෙතෙක් හීන් නූල් නිපදවීම කෙරුණේ මධ්‍යස්ථාන 7 ක පමණි. නමුත් මේ වන විට එම මධ්‍යස්ථාන සංඛ්‍යාව 25 දක්වා වැඩිවී ඇත.

මොරගොඩ ලිය අබිමන් ඇගළුම් නිර්මාණ පුහුණු කිරීමේ තාක්ෂණික ආයතනයේ ප්‍රගතිය විමර්ශනය කිරීම සදහා ඉකුත්දා එහි ගිය ලිය අබිමන් සභාපතිනි නිතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය දේශීය සම්ප්‍රදායන්ට ගැලපෙන ලෙස කරනු ලබන එම වැඩසටහන විධිමත්ව පවත්වාගෙන යෑම පිළිබදව උපදෙස් මෙම විමර්ශනයේ දි ලබාදෙන ලදී.

03.Wear-dead Textile Design industry revamped 04.New life for the hand-loom textile industry 05. Continued support assured 06.  Self-employed 07.Textile Design industry workes