Home / අතන මෙතන / Obama’s Osama Hunt:පස් වසරකට පසුව කියන ඔබමා මෙහෙයුම(Video)
ObamasOsamaHunt_Milk_lankanewsalert_03-05-2015

Obama’s Osama Hunt:පස් වසරකට පසුව කියන ඔබමා මෙහෙයුම(Video)


2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමග ඇමරිකානු රජය ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමට හෝ මරා දැමීම සඳහා තොරතුරක්‌ සපයන්නකුට ඩොලර් කෝටි පහක්‌ දෙන බවට ප්‍රකාශයට පත් කළ අතර පසුව 2010 ඔක්‌තෝබර් 10 වැනිදා නේටෝ සංවිධානයේ නිලධාරියකු පැවසුවේ බින් ලාඩන් පකිස්‌තානයේ සුපිරි නිවසක ජීවත්වන බවට කල අනාවරණය අනුව CIA සංවිධානය අල්ලා ගත් ප්‍රබල සාක්ෂිකරුවෙකු හරහා ලබගත් තොරතුරු මත බින් ලාඩන් සොයා මෙහෙයුමක් දියත් වුනා.

2011 මැයි 1 වැනිදා ඇමරිකානු ජනාධිපති ඔබාමා ප්‍රකාශයක්‌ කරමින් පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නගරයේ සිදු කළ රහස්‌ මෙහෙයුමකදී බින් ලාඩන් මියගිය බව හෙළි කළ අතර බින් ලාඩන්ගේ මියගිය සොහොයුරියකගේ ලේ පටල හා බින් ලාඩන්ගේ සිරුරේ ලේ පටල විමර්ශනයට ලක්‌ කිරීමෙන් මේ බව සනාථ වී තිබේන බවයි.

“නීතිය ඉටු කරනු ලැබුවා” – ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා

වසර 5කට පසුව ඔබමා ඔසාමා බින් ඝාතනය ගැන Obama’s Osama Hunt යනුවෙන් කල මාධ්‍ය අනාවරණය බලන්න

ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට පමණක්‌ නොව යේමනය, සුඩානය, කෙන්යාවේ නයිරෝබි යන නගර වෙත ද අල්ඛයිඩා නායකයාගේ බලය ව්‍යාප්ත වී තිබිණි. 1998 අප්‍රිකාවේ ඇමරිකානු තානාපති කාර්යාල දෙකකට ද ප්‍රහාරයක්‌ එල්ල විය. 2000 වසරේ යේමන වරායට පැමිණි කෝල් නමැති ඇමරිකානු ඩිස්‌ට්‍රොaයර් යුද නෞකාව පුපුරුවා හැරීම දියත්වූ මෙහෙයුමේදී නැවියන් 17 ක්‌ මරුමුවට පත්විය. “අපි ඔහු විනාශ කළෙමු” යෑයි ඇමරිකානු මාධ්‍යයන් ද සතුට පළ කරමින් බින් ලාඩන් ඝාතනය ගැන කරුණු දක්‌වා ඇත.

ශ්‍රී ලංකාව ප්‍රභාකරන්ට එරෙහිව ක්‍රියා කළේ ජාත්‍යන්තර යුද ප්‍රමිතීන් මත නොවේ යෑයි බටහිර රටවල් විසින් පවසා තිබිණි.

එසේ නම් බින් ලාඩන් ඇතුළු පවුලේ පිරිස ඝාතනය වූයේ ජාත්‍යන්තර ප්‍රමිති මතද? ඔසාමා සමග වෙඩි හුවමාරුවක්‌ ඇතිවූ බව ඇමරිකානු රජය පවසයි. එහෙත් ඇසින් දුටු සාක්‍ෂි තිබේද?

ත්‍රස්‌තවාදීන් විනාශ කරලීමට ඇමරිකාවට හිමිකමක්‌ ඇත්නම් එම අයිතිය ශ්‍රී ලංකාවට ද හිමිය.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

Ranjith_LNA_08_07_2016

හැමෝම එක්ක දාන සෙල්ලම් අපිත් එක්ක හරියන්නේ නැහැ

මැර බලය යොදා ගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අවශ්‍යතා ඉටු ලර ගැනීමට තමන් ඉඩ නොදෙන බව ...