යහපාලන නඩය මහින්ද රාජපක්ෂගේ ජිවීතය අනතුරේ දාලා …අවුන්සාන් සුඛිට කල දේ මහින්දටත් අත්වේවි !

0

මියන්මාර් රාජ්‍යයේ අවුන්සාන් සුඛිට කලදේ අද මේ යහපාලන නඩය විසින් , මහින්ද රාජපක්ෂටද සිදු කරන්න යන බව , රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි .ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා .

මේ අය උත්සහ කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවාස අඩස්සියකට පත් කිරීම බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ .

මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන්ද එක්වී සිටියා .උන්වහන්සේ එහිදි පැවසුවේ , මේ වන විට එක් එක් තැන්වලින් හිටපු එල් .ටි .ටි .ඊ නායකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇති මොහොතක මහින්ද රාජපක්ෂගේ ජිවීතය අනතුරේ හෙළීමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මක වනවාද යන්න සාධාරණ සැකය මේ මොහොතේ අප සියළු දෙනාගේ සිත් තුළ පවතින බවයි .