මහින්ද කියන මිනිහා මට සැලකුවේ කැත විදියට …පොලිසිය හොද මදි නම් ගෙදරට වෙලා නිදා ගනිව් ,ගෝඨාටත් හමුදාව එපා !

0

මහින්ද රාජපක්ෂ කියන මන්ත්‍රිවරයාට ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීමට කිසිදු අයිතියක් නැති බව අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .ඊයේ ( 03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඔහු සතුව ආරක්ෂාවට සිටින කැප්ටන් නෙවිල් ප්‍රභූ ආරක්ෂාව සදහා කිසිදු පුහුණුවක් ලබා නොමැති බවත් , ඒ අය මහින්ද රාජපක්ෂගේ හෙංචයියන් පමණක් බවට ඔහු චෝදනා කරනවා .සාමාන්‍ය නිළධාරියෙකු ලෙසටවත් නෙවිල් නමැත්තා පුහුණුවී නොමැති බවයි ඔහු කියා සිටියේ .තමන්ව මහින්ද රාජපක්ෂ විසින් සිර කර තැබුවේ දරුණුතම ත්‍රස්තවාදින් සමග බවත් , තමාව මැරීමට උත්සහ කල ත්‍රස්තවාදියා සමග තමන්ව මේ අය විසින් එකම බංකුවේ වාඩිකර තැබූ බවද ඔහු කියා සිටියා .

ඒ ආකාරයට හමුදාපතිවරයෙකුට සලකපු මිනිහෙකුට හමුදා ආරක්ෂාව ඉල්ලීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ සතුව සිටින හමුදා ආරක්ෂකයින්ද වහාම ඉවත් කල යුතු බවයි ඔහු පැවසුවේ .රටක හමුදාව ඉන්නේ , රට රැකීමට මිස ප්‍රභුන් රැකීමට නොවන බවත් ත්‍රස්තවාදින්ගේ තර්ජන නොමැති කාලයේ හිටපු ජනපතිට සහ ආරක්ෂක ලේකම්ට පමණක් හමුදා ආරක්ෂාව ලබාදීම සදාචාරාත්මක නැති බවයි ඔහු පෙන්වා දුන්නේ .

හමුදාව නැතිව ඉන්න බැරි නම් පොලිසිය ගැන විශ්වාසයක් නැති නම් දේශපාලනය නොකර ගෙදරට වෙලා නිදා ගන්නා ලෙසට තමන් මහින්ද රාජපක්ෂට කියන බවත් , ඔහු පැවසුවා . විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ලබා දෙන ආරක්ෂාව අවශ්‍ය නම් මන්ත්‍රිකෙනෙකු ලෙස හැසිරීම නවතා විශ්‍රාමික ජනාධිපතිවරයෙකු ලෙස පැත්තකටවී සිටිය යුතු බවයි ඔහු පැවසුවේ .

මේ කතාව අතරතුරදී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් පාර්ලිමේන්තුව තුළදී දැඩි ඝෝෂාකාරි තත්වයක් පැවැත්වූ අතර , වෙලේ විධාන ,වෙලේ විධාන යැයි කෑ ගසන්නටද විය .එහිදි ෆොන්සේකා විසින් වදුරා ,සතා වාඩිවෙනවා යැයි එම මන්ත්‍රින්ට ආමන්ත්‍රණය කිරීමත් සමගින් මෙය ගැටුමක් දක්වා උත්සන්න විය .