අවුරුද්දයි ,මාස 05 යි …ආණ්ඩුව අතිසාර්ථකයි ! 03 වතාවක් ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි ! ජනපතිට විශ්වාස භංගයක්

0

මේ ආණ්ඩුව අතිසාර්ථක 3වෙනි වතාවටත් ව්‍යවස්ථාදායක සභාව තුලදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි . ඊයේ ( 09) එම පක්ෂ මූල්ස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

19 ගෙනා අයම 19 උල්ලංඝණය කරයි.

මේ ආණ්ඩුව අතිසාර්ථක 3වෙනි වතාවටත් ව්‍යවස්ථාදායක සභාව තුලදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනවා. මින් පෙර නීතිපතිවරයා පත්කිරීම සිදුකර තියෙන්නෙත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්. දෙවනුව නීතිපතිවරයා පත්කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්. මේ තුන්වන අවස්ථාව. රටක ස්වාධීනත්වයේ ප්‍රතිමුර්තිය වන අධිකරණ‍යේ තිබෙන අධිකරණ සේවා කොමිසමත් අමු අමුවේ උල්ලංඝණය කරමින් පත්කිරීම් සිදුකිරීමට යනවා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ඇ 1 වගන්තියේ තියෙනවා අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් තුන්දෙනයි. අගවිනිසුරුතුමයි ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනයි තමයි ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාධායක සභාවට යොමු කරල ව්‍යවස්ථාධායක සභාවේ අනුමැතියෙන් පත්කල යුත්තේ කියල. හැබැයි 111 ඇ 2 වගන්තියේ කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනාම මුල් අවස්ථා අධිකරණයක අත්දැකීම් නැති විනිසුරුවන් නම් මුල් අවස්ථා අධිකරණයක අත්දැකීම් තිබෙන ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයා අධිකරණ සේවා කොමිසමට පත්කල යුතුය කියලා.

ඇත්තෙන්ම මේ සංශෝධනය එන්නේ 19 වෙනි සංශෝධනය හරහායි. එනම් මේ ආණ්ඩුවම ගෙනා සංශෝධනයක්. හැබැයි ඉතාම තාර්කික විය යුතු නීතිමය ප්‍රථිපාදනයක්. ඒ ඇයි. අධිකරණ සේවා කොමිසම තමයි මුල් අවස්ථා අධිකරණ කියන මහෙස්ත්‍රාත්වරුන්ගේ සහ දිසා විනිසුරුවරුන්ගේ විනය භාරව සිටින්නේ. ඉතින් මේ විනය භාරව සිටින අධිකරණ සේවා කොමිසමේ අඩුම තරමින් එක්කෙනෙක්වත් ඉන්න ඕනි දිසා විනිසුරුවරයෙක් විදිහට නැත්නම් මහෙස්ත්‍රාත්වරයෙක් විදිහට වැඩකරල අත්දැකීමක් තියෙන පුද්ගලයෙක්.

වත්මන් අගවිනිසුරුතුමන් වන ශ්‍රී පවන් මැතිතුමන් විනිසුරුවරයෙක් විදිහට සේවයට එන්නේ අභියාචනා අධිකරනයෙන්. දැනට දෙවනියට ජ්‍යෙෂ්ඨ විනිසුරු ඩෙප් මැතිතුමන් ද ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනා අධිකරනයෙන් තමයි සිය විනිසුරු දිවිය පටන්ගන්නේ. එතෙක් මේ දෙදෙනාම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහටයි ඉන්නේ.

එහෙමනම් 19වෙනි සංශෝධනය අනුව අනිවාර්යෙන්ම තුන්වන විනිසුරුවරයා මහේස්ත්‍රාත්. දිසා අධිකරණයන්හි අත්දැකීම් ඇති විනිසුරුවෙකු විය යුතුයි. නමුත් පසුගිය දා රැස්වුනු ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාවේ ඒ වගන්තිය මෙන්ම 111 ඇ 2 වගන්තිය උල්ලංඝණය කරමින් මුල් අවස්ථා අධිකරණයේ අත්දැකීම් නැති විනිසුරුවරයෙක්ගේ නම අධිකරණ සේවා කොමිසන් සභාවට පත් කිරීමට අනුමත කරගෙන තිබෙනවා.

මට ලැබී ඇති තොරතුරු වලට අනුව සිකුරාදා වන විට පත්වීම් ලිපියත් සකසා අවසන්. ජනපතිතුමන් අත්සන් කරල දෙන්නයි දැන් තිබෙන්නනේ. මම ඒ විනිසුරුවරයාගේ නම කියන්නෑ. මම ඉතා හොදින් පුද්ගලිකවම හදුනණ මමත් ඒ විනිසුරුවරයා ඉදිරියේ පෙනී සිට ඇති විනිසුරුවෙක්. මට එතුමන් එක්ක කිසිදු ආකාරයක පුද්ගලික තරහවක් නෑ. අපි දිගින් දිගටම මෙවැනි කාරණා මතු කල නිසා වත්මන් නීතිපතිතුමන් පොලිස්පතිතුමන් මාත් එක්ක අමනාප ඇති . බොහෝ දෙනෙක් අකමැති ලොකු තනතුරුවල ඉන්න අය තරහ කරගන්න පස්සෙ ප්‍රශ්න වෙයි කියලා.

නමුත් අපි මෙහෙම ප්‍රශ්න කරන්නේ මේ රටේ ව්‍යවස්ථාව මේ විදිහට උල්ලංඝණය කරනව නම් රටේ ජනතාව අධිකරණ පද්ධතිය ගැන තබනු ලබන විශ්වාසය කුමක්ද? යුත්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන තබන විශ්වාසය කුමක්ද?

යුත්තිය පසිදලීමේ කාර්ය භාරයේදී පරීක්ෂණ මෙහෙයවනක්නේ පොලීසිය. පොලිසිපති පත්කිරීමත් දේශපාලණීකරණය වුනා. පැමිනිල්ල මෙහෙයවන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති පත්කිරීමත් දේශපාලණී කරණය වුනා. දැන් ව්‍යවස්ථාධායක සභාවට ඕන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමින් විසිසුරුවරුන්ද පත්කරනව gammanpilaනම් යුක්තිය පසිදිලීම ගැන මේ රටේ ජනතාවට විශ්වාසය තියන්න තවත් මොනවද ඉතිරිවෙලා තියෙන්නේ කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා.

ඒ නිසා අපි අතිගරු ජනපතිතුමන්ගෙන් ඉල්ලාසිටිනවා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලඝණය කරමින් අධිකරණ සේවා කොමිසමට මේ පත්වීම කරන්නට එපා. නීතිපති පොලිස්පති පත්කිරීමේදී ඔබතුමන්ලා ව්‍යවස්ථාධායක සභාවේ කීර්තිය කිළිටි කලා. දැන් ව්‍යවස්ථාධායක සභාවට විනාශවෙන්නට ගෞරවයක් නම්බුවක් කීර්තියක් ඉතිරිවෙලා නෑ. තව දුරටත් ඉතිරින්ම ඒ බොහොම සොච්ච්මයි. ඒ සොච්චමද විනාශ කරල රටේ ජනතාවට නීතිය පිලිබද ඇති ගෞරවය විනාශ කරන්න එපා කියල අපි අතිගරු ජනපතිතුමන්ගෙන් මම ඉල්ලා සිටිනවා. මොකද කවුරු රට කලත් රටේ ජනතාව නීතියට ගරු නොකලොත් කැලෑ නීතිය රජවෙන එකනම් වලක්වන්න බෑ.

ඒ වගේම ඔබතුමන් ගෙනා 19 වෙනි සංශෝධනයේ වගන්ති ඔබතුමන් මැදිහත්වෙලාම උල්ලංඝණය කරනවානම් මේක රකින්න කෙනෙක් ඉතිරිවේද කියන ප්‍රශ්ණයත් අපි ජනපතිතුමන්ගේන් ප්‍රශ්න කරනවා.

අපේ ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න කථානායක, අගමැති, විපක්ෂ නායක යන සියළු දෙනාටම සිහිපත් කරනවා චේතනාන්මකව ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම විශ්වාස භංගයට තුඩු දෙන කරුණකී කියලා. කථානායකතුමා නම් මේ වනවිට ඔනතරම් කරුණු එකතු කරගෙන තියෙනවා විශ්වාස භංගයට තුඩු දෙන්න. ඔන්න කථානායකතුමනි ඔබගේ විශ්වාස භංගය ලැයිස්තුවට තවත් කාරණයක් ඔබතුමා එකතු කරමින් සිටිනවා කියන එක කතා නායකතුමාට, ඒ වගේම දිග ලැයිස්තුවක හිමිකරු වී සිටින අගමැතිතුමාට අපි සිහිපත් කරනවා.