නව පැනමා පත්‍රිකා පිටවේ ,ඇවන්ගාඩ් සභාපති,චම්පිකගේ උපදේශක නම් ඒ අතර …

0

මහත් මතභේදයකට තුඩුදී තිබූ ‘පැනමා පේපර්ස්’ අලූත්ම ලේඛණය ඊයේ (09) රාත්‍රියේදී නිකුත්වී තිබෙනවා.එය ජාත්‍යන්තර ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුව විසින් හෙළිදරව් කර තිබෙනවා .

අධික වත්කම් සගවා ඇති ලෝකයේ ධනපතියන් සම්බන්ධයෙන් එහි තොරතුරු ඇතුළත් වන අතරම ඒ අනුව ලංකාවේ 65 දෙනකු පැනමාවේ මුදල් තැන්පත් කර ඇතැයි සඳහන් වේ. 2013 නාම ලේඛණයේ ඇතුළත් වූ නම්ද එම 65 දෙනා අතර නම් කර ඇත.

එසේම සමාගම් තුනක ද, අතරමැදියන් බව කියන හත් දෙනකුගේ හා ලිපින 53ක තොරතුරුද එහි ඇතුළත්වේ.එම ලේඛණය තුළ ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති හා මහානගර අමාත්‍යංශයේ උපදේශක විද්‍යා අමරපාලගේ නමද ඇතුළත් .

සම්පූර්ණ නාම ලේඛණය –මෙතනින් බලන්න 

-09853