Home / විශේෂාංග / අද්භූති ….රාවණා සොයා

අද්භූති ….රාවණා සොයා

අද්භූති (රාවණා සොයා) යනු නව යොවුන් ප්‍රබන්ධ නවකතාවකි. උපතින් ම අද්භූත බලයක් හිමි තරුණ ගැහැණු ළමයෙකු වටා ගෙතුණු කතාවකි. ඇය ඇය පිළිබඳ ව ඇති කරගත් අධිමාන්නය නිසා ඇය සහ ඈ වටා සියලු දෙනා කරදර රැසක පැටලෙන හැටි සහ ඇගේ නොපසුබට වීර්යය නිසා ඇය අවසානයේ සියළු බාධක ජය ගන්නා බව මෙම කතාවෙන් කියැවේ.

පසුගිය අගෝස්තු මස 01 දින කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මාණ්ඩලික ශ්‍රවණාගාරයේ දී දොරට වැඩුම සිදු වූ අතර ප්‍රසිද්ධ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා ආරාධිත අමුත්තා ලෙසට සහභාගි විය. දේශන සඳහා දායකත්වය චිත්‍රපට අධ්‍යක්ෂ විපුල සුමනසේකර මහතා සහ වෛද්‍ය බෝධිනී සමරතුංග මහත්මිය වැනි විද්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. මෙදිනට බොහෝ කවියන් සහ විද්වතුන් සහභාගි විය. දැනට මෙම කෘතිය මිළදී ගැනීමට තැපැල් මාර්ග විවෘත ව පවතින අතර ඒ සඳහා වැඩි විස්තර අද්භූති රාවණා සොයා මුහුණු පොතේ පිටුවෙන් හෝ පොත රචිකා හංසි රණසිංහ ලේඛිකාවගේ මුහුණුපොතෙන් ලබා ගත හැක..

හංසි රණසිංහඅද්භූති (රාවණා සොයා) උපුටා ගැන්මකි….

නිමාංශා දිව්‍යාංජලී… ඒ මගේ නමයි… මම භූත විද්‍යා උපදේශිකාවක්. කොතෙකුත් භූත විද්‍යා නොහොත් paranormal science පිළිබඳව මහාචාර්‍යවරුන් සහ මහාචාර්‍යවරියන් සිටිය ද මා ඔවුන් මෙන් නොව , මා ඉපදුනේ ම අද්භූත දෑ විමර්ශනයටයි. කුඩා කල සිට ම මම අන් ළමුන්ට වඩා වෙනස් විමි. ඒ වෙනස මා හට තදින් නොදැනුන ද සිදු වූ යම් යම් සිදුවීම් නිසා හෝ මගේ දෙමාපියන්ට නම් ඒ වෙනස තදින් ම දැනී තිබිණි. මේ සියලුම ක්‍රියාදාමයන් පටන් ගන්නේ මට අවුරුදු අටක් පමණ වන විටය. අට හැවිරිදි මා හට මුහුණ දීමට සිදු වූ අද්භූත සිදුවීම් අද වන තුරු ද කිසිවෙකු නොදනී.

හංසි රණසිංහ ගැන ……

හංසි රණසිංහ කතුවරියගේ ගම ගිරිඋල්ල. වික්‍රමශීලා ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඇය ලේඛණ කලාවට පිවිසියේ මුහුණුපොතෙනි. නිසදැස් කලාවට පිවිස පසුව කෙටිකතා සහ නවකතා ලිවීම ආරම්භ කර මුහුණු පොතේ පළ කිරීමෙන් අනතුරුව ලැබූ ප්‍රතිචාර අනූව නවකතා පොතක් මුද්‍රණය කිරීමට පෙළඹුණා ඇය සිය කුළුඳුල් නවකතාව ලෙස අද්භූති එළිදැක්වීමට කටයුතු කළා.

පොත මිළදී ගැනීම විමසීමට hansir26@gmail.com විද්‍යුත් තැපෑල ද විවෘතයි

anuboothi

 

Check Also

රස පරික්ෂණය අවසන් …..වාර්තාව ජූනි මාසයේ තිස් වෙනි දා

මාස තුනක කාලයක් දියත් කළ “රස පරීක්ෂණය” සදහා ලැබුණු විශ්වාස කළ නො හැකි තරමේ උණුසුම් ...