ශ්‍රි.ල.නි.පක්ෂයේ බෙදීමක් නෑ

0

ශ්‍රි.ල.නි.පක්ෂයේ බෙදීමක් පිලිබඳව බොහෝ විග්‍රහයන් සිදු කෙරුණද පක්ෂය ශක්තිමත් වී ඉදිරියට ගමන් කරන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසනවා.දින කටාන වැලිහේන පිහිටි ශ්‍රී.ල.නි.ප ප්‍රධාන කාර්යාලයේ පැවති ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ කටාන මධ්‍ය බල මණ්ඩලයේ තරුණ තරුණියන් අමතමින් ශාන්ත බණ්ඩාර සදහන් කළේ මෙවැනි බෙදීම් පිලිබඳව වෙනත් දේශපාලන පක්ෂවලද සිදු වූ නමුත් ප්‍රධාන පක්ෂය වටා පාක්ෂිකයන් එකතු වූ බව පෙනී යන බවයි.

“එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ නායිකයින් පක්ෂ නායකත්වයට දැණුම් දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා හට නායකත්වය ලබා දිය යුතු බවයි.එහිදී ද යම් බෙදීමක් ඇති බව පෙනෙන්නට තිබුණද වර්තමානයේ පක්ෂ නායකයා වටා ඒ සියළු දෙනා කටයුතු කරයි.එදා ලලිත් ගාමිණී එකතුව පිහුටුවා ගත් රාජාලියා ලකුණ සහිත පක්ෂය වටා අති විශාල පිරිසක් එකතු වූව ද වර්තමානය වන විට එම පක්ෂය නියෝජනය කරන පලාත් පාලන ආයතන නියෝජිතයෙකුවත් නොමැති අතර ඒ සියළුම දෙනා ප්‍රධාන පක්ෂය වටා ඒකරාශී වෙලා”

නමුත් ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමයද වෙනත් කණ්ඩායම් වලට බෙදී ගිහිල්ලා හමාරයි….

1993,2003 වර්ෂ වලදී පා ගමන් මඟින් ආණ්ඩුව වෙනස් කිරීමට අප උත්සාහ කළේ එවැනි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබූ අවස්ථාවකය.නමුත් ඇතැමුන් අද ආණ්ඩුව වෙනස් කිරීමට උත්සහ කරන්නේ ව්‍යවස්ථාව පිලිබඳව නිසි අවබෝධයක් නොමැතිව බව පෙනේ.එදා ආණ්ඩුවක් පත් වී වසරක් ගෙවී ගිය තැන ආණ්ඩු බලය වෙනස් කිරීමට ව්‍යවස්ථාව මඟින් ඉඩකඩ තිබුණද වර්තමානයේ අවුරුදු හතරාමාරක් යන තුරු එය වෙනස් කිරීමේ හැකියාවක් නෑ..

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු පරිණත නායකයින් ගණනාවක් ශ්‍රී.ල.නි.ප තුළ සිටී.එම නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ 2020 දී ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් පිහුටුවීමට අවශ්‍ය පෙළ ගැසීම තරුණ ජවයද ඒකරාශී කර ගනිමින් ක්‍රියා කළ යුතු බව සිහිපත් කරන අතර බලය ලබා ගැනීම සඳහා කෙටි මාර්ග අනුගමනය කර නොගනිමින් ඒ සඳහා පුළුල් දැක්මක් සහිතව රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම නායකයින්ගේ වගකීම විය යුතුය.

සුමිත් කාරියවසම්,