Home / Featured / ලංකාව වසර 17කට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගනී!
Cricket_LNA_06_08_2016

ලංකාව වසර 17කට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගනී!


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 17කට පසු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන තිබෙනවා. ඒ අනුව අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග තුනකින් සමන්විත  ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 229කින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ට 0 ලෙස මෙම තරගාවලිය ජයගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය පසුගියදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය ගනු ලැබුවා.

මීට පෙර 1999දී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගෙන ඇත. ඉන් පසු වසර 19ක් ගෙවී මේ ජයග්‍රහණය ලබා ගැනීම සුවිශේෂී අවස්ථාවක් ලෙසට හදුන්වාදිය හැකිය.

ලංකාවට පැමිණිමට පෙර ඕස්ට්‍රේලියාව ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල පළමු ස්ථානය හිමි කරගෙන සිටි අතර ලංකාවට හිමි වී තිබුණේ 7 වන ස්ථානයයි.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

LTTE_NEWSALERT_22_02_2016

ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත රජය බුද්ධි අංශ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කරයි …යුධ විරුවන් මහා අපරාධකරුවන් ලෙස සලකා රජය නින්දිත වැඩක … ත්‍රස්තාවාදී මෙහෙයුමක් ක්‍රියාත්මකයි

රටතුල ත‍්‍රස්තවාදය නැවැත හිස එසවීමේ ප‍්‍රවනතාවයක් පෙනෙන්නට ඇති නමුත් රජයේ ක්‍රියාකලාපය හමුවේ , එවැනි තත්වයක් ...