ආණ්ඩුවට අවුරුද්දයි, ඒත් කරපු දෙයක් නැහැ!

0

දූෂණය,නාස්තිය පිටු දකිමින් නිතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට රට බාර දුන් යහපාලන ආණ්ඩුවට අවුරුද්දක් පිරීමට ආසන්න වූවත් ආණ්ඩු මාරුවීමෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ සිදුනොවු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

රට ගොඩනැගීමට අවශ්‍ය නම් එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණට භාරදිය යුතු බවයි ඔහු පවසා සිටින්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාගමන පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පා ගමනේ සටන් පාඨ බවට පත් විය යුත්තේ ‘රට විනාශ කළාට අපට සමාවෙන්න, ණය වුනාට සමාවෙන්න’ ආදිය බවයි

දඹුල්ල බකමූණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.