Home / Featured / සංහිදියාවට බාධා ඇති කරන්නේ උතුරේ ඇතම් දේශපාලඥයින්

සංහිදියාවට බාධා ඇති කරන්නේ උතුරේ ඇතම් දේශපාලඥයින්

උතුරේ ඇතම් දේශපාලඥයින් සංහිදියා ක්‍රියා පිළිවෙලට බාධා එල්ල කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.

“උතුරේ සමහර මන්ත්‍රීවරු සහ ඇමතිවරු මේ වැඩ පිළිවෙළට ගැටළු ඇති කරලා තියනවා. මොරගහකන්ද ජලාශයේ වතුර ප්‍රශ්නයේදී උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් කියලා තියනවා ඒ ජලාශයෙන් උතුරට යන ජලය ඒ අයගේ අනුමැතිය අරගෙන තමයි ඒ පලාතේ ජනතාවට ලබා දෙන්න ඕන කියලා. මේවා ඇත්තටම විහිලු කතා. එල්.ටී.ටී ඊ රැදවියන් පුනරුත්ථාපනය කරලා සමාජයට දානවා. ජාත්‍යන්තර මට්ටමෙන් අපි ඉතා විවෘතවයි ඒ වැඩ සටහන කරන්නේ. එහෙම තියනකොට මේ කතා මොනවද?,” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...