මන්ත‍්‍රි රාධිකා ශ්‍රි ලංකාව අමාරුවේ දලා

0

ශ‍්‍රී ලංකා රජය අපහසුතාවට පත් කිරීමට කැනඩාවේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාධිකා සිට්සබේසන් මහත්මිය සංචාරය උත්සහා කර ඇති බව කැනඩාවේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කර සිටියා. එම කාර්යාලව පැවසුවේ එම මන්ත‍්‍රිවරිය විසින් ශ‍්‍රි ලංකාව තුළදී තමා දේශපාලනික වශයෙන් තර්ජනයට ලක් වු බවට කළ ප‍්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවයි.

තව ද ඇය ශ‍්‍රි ලංකා රජයේ නිලධාරින් ඇයව අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන බවට අනතුරු ඇඟ වු බවත් ඇය පැවසු කාරුණු අසත්‍ය බව එම කොමසාරිස් කාර්යාල පවසා සිටියා. තව ද ඇය විසින් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබෙන්නේ ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම පහසු නැති බව ද ජනතාවට සංහිදියාව හා රැකවරණය ලැබිය හැකි එකම මාර්ගය විවෘත සංවාදය හා භාෂණයේ නිදහස පමණක් බවයි. නමුත් ශ‍්‍රි ලංකාව තුළදී ඇය දේශපාලන වශයෙන් තර්ජනය ලක් වු බව ඔප්පු කිරීම මෙරට ආගමන විගමන නිති වැරදි ලෙස අර්ථකනතය කිරීමක් බවයි එම කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේ.

එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය නොවැම්බර් මාසයේදී ශ‍්‍රි ලංකාවේ පැවැති පොදු රාජ්‍ය නායක සමුළුවට කැනඩා අගමැති ස්ටිවන් හාපර් සහභාගී වීම වැලැක්වීමට රාධිකා සිට්සබේසන් මන්ත‍්‍රීවරිය විශාල මැදිහත් වීමක් සිදු කර ඇති බවයි.