සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තය කැමැත්තෙන්

0

පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන ,සියාම් සිටි, ආයතනය කැමැත්ත පළ කරයි.

එහි ප්‍රධාන විධායක නිලධාරි Siva Mahasandana මහතා ඇතුථ ප්‍රධාන පෙළේ නිලධාරින් පිරිසක් ඊයේ(09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි.

ශ්‍රී ලංකාව අද ලබා තිඛෙන ආර්ථීක වර්ධන වේගය මෙහිදී මෙම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් වූ අතර ශ්‍රී ලංකාව අද ආයෝජන සදහා ඉතා සුදුසු රටක් බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ තවත් ආයෝජන රැසක් සිදු කිරීමට තම සමාගම කැමැත්තෙන් සිටින බවත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබද මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.