Home / අතන මෙතන / ඔබ Condom එකක් ගන්න දෙපාරක් හිතනවාද? ඒ අනතුරට අත වැනිමකි…
comdem_lne

ඔබ Condom එකක් ගන්න දෙපාරක් හිතනවාද? ඒ අනතුරට අත වැනිමකි…


මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින HIV/ඒඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එම වෛරස ශරීරගතවීමේ අවදානමක්‌ පවතින කණ්‌ඩායම්වල කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීමේ ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීමට ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පියවර ගෙන තිබේ.

මෙරට අනාරක්‍ෂිත ලිංගික සබඳතා හේතුවෙන් එච් අයි වී / ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වන පාසල් සිසුන්, තරුණයන් හා ගෘහාශ්‍රිත කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යැමේ අවදානමක්‌ පැවතීම හා නව යොවුන් වියෙහි ගැහැනු දරුවන් අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක්‌වීම ඉහළ යැමට පිළියම් වශයෙන් කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ මතුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ අවධාරණය කළා.

කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති “එච්. අයි. වී. මර්දනය ආරක්‍ෂිත සිදුකිරීම”  වූ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් වෛද්‍ය සිසිර ලියනගේ සදහන් කලේ අවදානම් හැසිරීම් රටාවන් සහිත කණ්‌ඩායම් සඳහා නිසි ලෙස කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික කොන්ඩම් ප්‍රතිපත්තිය හඳුන්වා දුන් බවයි.

ලංකා නිවුස් ඇලර්ට්  වෙබ් අඩවිය හරහා පසුගිය කලසිමාව පුරාම ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාද සම්බන්ධ කරගනිමින් අප විසින් දියත් කල වැඩසටහන් පිළිබඳව යලිත් මතකය අවදි කරනුයේ එය අද ආරම්භ කල මෙම වැඩසටහනට නිසී දායකත්වය ලබාදෙන බැවිනි…

2014ජුලි 24  ගන්නේ Condom එකක් නම් මේ ගැනත් හිතන්න

ඇතැම් පුද්ගලයන් කිහිප දෙනෙකු සමග ලිංගික සබදතා පවත්වනු ලබන අතර ඒ හරහා ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම අවධානම ඉහල ගොස් තිබෙන බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

කිහිප දෙනෙකු සමග ලිංගික සබදතා පැවැත්විම නැවත්වීමට අපට නොහැකි වුවත් ආරක්ෂිත ලෙස ලිංගික සබදතා පවත්වා ඒඩ්ස් රෝගය පාලනය කිරීමට අපට හැකියාවක් පවතින්නේ නම් එය මහගු සමාජ කර්තව්‍යක් බව වෛද්‍ය සිසිර ලියනගේ අවධාරණය කළා.

2020 වන විට ජනතාව මානසික රෝග වලට ගොදුරු වීමේ ඉඩ කඩ බොහෝ සෙයින් ඇති බවට සමීක්ෂණවලදී හෙළි දරව් වුවත් ඊටත් පෙර ඒඩ්ස් රෝගය අප තරුණ පරපුර සම්පූර්ණයෙන් බිලි ගැනීමටද හැකියාව පවතී.

වෙළද පොල වෙත ගොස් කොන්ඩමයක් ඉල්ලීමට ඔබ ලැජ්ජා වනවා නොඅනුමානය.එහෙත් සමාජය පිළිබදව බුද්ධිමත්ව සිතා ඔබේ වගකීම හදුනාගෙන ඔබ එක් ලිංගික සබදතාවයකට වඩා පවත්වන්නේ නම් කොන්ඩමයක් මිලදී ගැනීම ඔබ සමාජයට කරන මහගු කාර්‍යාක් බව තරුණ පරපුර තේරුම් ගත යුතු බව අපි සිහිපත් කරමු.කොන්ඩමයක් භාවිතා කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණාවන් කිහිපයක්ද තිබේ.ඒ කොන්ඩම් සාදා ඇත්තේ තුනී රබර් හෝ පොලියුරතේන් මඟිනි. එබැවින් ඉතා කලාතුරකින් ලිංගික සංසර්ගයේදී මෙය ඉරී යාමේ හැකියාවක් තිබේ. ඒ ගැන අවධානයෙන් සිටිය යුතුය.

එසේම සම්පූර්ණ ලිංගික සංසර්ගය කාලයේදීම මෙය පැළඳිය යුතුවේ. මෙහි ඇති වඩාත්ම වාසිදායක තත්වය වන්නේ සමාජ රෝග වැලැක්වීමට හැකියාව පැවතීමයි.එසේම වයස් භේදයකින් තොරව මෙය භාවිතා කල හැකි අතර මෙයින් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම්ද අවම වේ.

තවදුරටත් ඔබ ඒඩ්ස් මාරයාට සමාජ බිලි දෙනවාද ?නැතිනම් මේ වෙනුවෙන් සටන් කර මෙම රෝගය පාලනය කරනවාද යන්න ඔබ තීරණය කළ යුතුයි.
කොන්ඩම් නිසි පරිදි භාවිතා කිරීමේදී‍

කොන්ඩමයේ අග කොටස ඉතා තදින් ඇදී පවතින ආකාරයට පැළදීම නොකළ යුතුය. ශුක්‍ර මෝචනය සිදුවීම සදහා 1.5 cm (අගල් ¾) ක ප්‍රමාණයක් ඉඩ තබා පැළදිය යුතුය. නිසි පරිදි කොන්ඩමය නොපැළදීමෙන් එය අසාර්ථක විය හැකිය.

කොන්ඩමය බුරුලට පිහිටන පරිදි පැළදීමෙන් ද නිසි පරිදි එහි ක්‍රියාකාරීත්වය ලබාගත නොහැක.

කොන්ඩමය තුළට ශුක්‍ර මෝචනය සිදුවුවත් නැතත් ඉතා කුඩා අවස්ථාවකට පවා එය නැවත පරිහරණයේදී එය කනපිට හරවා භාවිතා කිරීම නොකළ යුතුය.

HIV වලට එරෙහිව ආරක්ෂාවක් ලබා නොදෙන නිසා ලේටෙක්ස් හෝ පොලියුරතේන් වලින් විනා වෙනත් ද්‍රව්‍යවලින් සාදනු ලැබූ කොන්ඩම් භාවිතා නොකළ යුතුය.

තෙල් වර්ග හෝ එවන් ද්‍රව්‍යවලින් සෑදූ ලිහිසි ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය. ඒවා මිගන් කොන්ඩමයේ ඇති සිදුරු විනාශ කරයි.

මුඛ මගින් සිදු කරන ලිංගික ක්‍රියාකාරකම්වලට පමණක් රසකාරක යෙදූ කොන්ඩම් භාවිතා කිරීම. එසේ නොමැතිව භාවිතා කළ හොත් එහි ඇති සීනි මගින් දිලීර ආසාදන ඇතිවිය හැකිය.

ඉහතින් මුලින්ම සදහන් කරන ලද උපදෙස් පහ නිසි පරිදි ක්‍රියාවට නොනැංවීම මගින් ඇතිවන අපහසුකාර තත්වයන් නිසා ඒවා නිසි ලෙස නිර්මාණය කර පරීක්ෂණවලට බදුන් කර නොමැතිය, යන මිත්‍යා මත මිනිසුන් තුළ ඇති වේ. අදාල පුද්ගලයා සහ සහකරුවා ලිංගික රෝගවලින් ආරක්ෂාවීම පිණිස වරක් භාවිතා කරන ලද පැරණි කොන්ඩම් වර්ග හා ඒවායේ අන්තර්ගතයන් තවදුරටත් ආසාදිත තත්වයේ පවතින බව අවබෝධ කරගත යුතුවේ.

එබැවින් පැරණි කොන්ඩම් නිසි පරිදි බැහැර කර යුතුවේ.අළුතින් භාවිතා කරන කොන්ඩමයක් එක් ලිංගික සංසර්ගයකදී පමණක් භාවිතා කළ යුතුවන අතර කිහිපවතාවක්ම භාවිතා කිරීම මගින් ඒවා සිදුරු වීම මගින් බාධකයක් ලෙස ක්‍රියාකාරීවීමේ ගුණාංගය නොමැති වී යයි. මෙලෙස වීමෙන් රෝග බෝවීමේ සම්භාවිතාවය ඉහළ යයි.

2014 ජුනී 28  ඔබ Condom එකක් ගන්න දෙපාරක් හිතනවාද ?

තරුණ දරුවන් ෆාමසියක් වෙත ගොස් කොන්ඩමයක් ඉල්ලිමට කොයිතරම් නම් ලැජ්ජා වනවාද ?හැබැයි මේ ලැජ්ජාශීලි භාවය නිසා අනාරක්ෂිතව ලිංගික සබදතා පවත්වන අපේ යොවුන් දරුවන් තුළ ලිංගික රෝග ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව අප කල විමසීමකදී ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවා .

ඔහු සදහන් කලේ විශේෂයෙන් අවුරුදු 15ත් 25ත් අතර දරුවන් තුළ ලිංගික රෝග ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බවයි.එසේම අවුරුදු 25ත් 49ත් අතර පිරිස් අතරද මෙම රෝග ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව ඔහු සදහන් කලා.

ලිංගික රෝග ලෙස ලිංගික ඉන්නන්

• හර්පීස්

• ගොනෝරියා (සුදු බින්දුම)

• ට්‍රයිකොමොනාස් වැජිනාලිස්

• උපදංශය (සිෆිලිස්)හදුන්වාදීමට පුළුවනී.

එසේම රෝගයක් පවතින කෙනෙක් සමඟ අනාරක්‍ෂිත ලිංගික සබඳතා (කොන්ඩම් රහිත) මඟින්, යෝනි, ගුද මෙන්ම මුඛ සබඳතාවයෙන් ,ආසාදිත ගර්භණී මවකගෙන් දරුවාට කුස තුළදී හෝ දරු ප්‍රසූතියේදී,ආසාදිත පුද්ගලයකුගේ රුධිර පාරවිලයනයෙන්,මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට ජීවාණුහරණය නොකළ අන් අයකු භාවිත කළ ඉදිකටු යොදා ගැනීමෙන් ආදී වශයෙන් ලිංගික රෝග සෑදීමේ අවධානමක් පවතින බවද වෛද්‍ය සිසිර ලියනගේ අප සමග සදහන් කලා.

වෛරස්,බැක්ටීරියා,ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන් (Protozoa) මෙම රෝගය පැතිරෙන රෝග වාහකයන් වේ.

ලිංගික සබදතා පවත්වන විටදී එය විශ්වාසවන්ත අයෙකුට පමණක් සීමා කිරීම ,එසේත් නැත්තම් ආරක්ෂක කොපුවක් භාවිතා කලහොත් ලිංගික රෝග යම්තාක් දුරකට පාලනය කිරීමේ හැකියාවක් පවතින බවද වෛද්‍ය ,සිසිර ලියනගේ වැඩිදුරටත් සදහන් කලා.

2014 දෙසැම්බර් 9  Condom එකක් ගෙන support එකක් දෙමුද?

2014 වර්ෂය වන විට හදුනාගත් ඒඩ්ස් රෝගින් 2014ක් සිටින බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.ඔහු අප කල විමසීමකදී සදහන් කලේ 2013 වර්ෂයට වඩා 2014 වර්ෂය තුළදී අළුතින් ඒඩ්ස් රෝගින් 189ක් සොයා ගත් බවයි.

එසේම විදේශිය සංචාරකයන් හරහා ඒඩ්ස් රෝගය පැතිර යෑමේ වර්ධනයක් ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නා.බස්නාහිර පළාත තුළ ඒඩ්ස් රෝගින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර කොළඹ,ගම්පහ ,ගාල්ල ,රත්නපුර ,කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගය සීග්‍ර ලෙස පැතිර යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අනාරක්ෂිත ලිංගික සබදතා ,සමලිංගික සබදතා ,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මෙම රෝගය ව්‍යාප්තවීම සදහා හේතු සාධකවී ඇති අතර එක් අයෙකුට වඩා ලිංගික සබදතා පැවැත්වීමේදී කොන්ඩමයක් භාවිතා කරමින් ලිංගික කටයුතු වල යෙදීමෙන් රෝගය පාලනය කල හැකි බවයි වෛද්‍යරයා අප හා ප්‍රකාශ කලේ.

මෙවර ජාත්‍යන්තර ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 වනදා පැවති අතර රෝගය වළක්වා ගැනීම සදහා වැඩසටහන් රැසක් ඒඩ්ස් මර්ධන වැඩසටහන මගින් සිදු කල බවද ඔහු අප හා ප්‍රකාශ කලා.අදම පරීක්ෂා කරගන්න යන තේමාව යටතේ මෙවර ඒඩ්ස් දිනය පැවැත්වුණු අතර ඒඩ්ස් රෝගය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ පවතින බැවින් ඒවාට සහභාගිවී රෝගය පාලනය කිරීම සදහා සියළු දෙනාට එක්වන ලෙසට වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලිමක්ද කරනවා.

2014 මැයි 31 ලිංගික අධ්‍යාපනය ගැන පිම්මක් පනී!

ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 වසරේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවර ගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අධ්‍යාපන විෂය පාඨමාලාවේ විද්‍යා විෂය යටතේ ඉගැන්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

ඉහළ පන්තිවල සිසුන්ට ඒඩ්ස් රෝග තත්ත්වය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් ලබාදීම මඟින් ලිංගික සම්බන්ධතා, ගැබ් ගැනීම් හා සමාජ රෝග වළක්වා ගැනීම පිළිබඳව යථාවබෝධයක් ලබාගත හැකි බවත් ඉහළ පන්තිවල සිසුන්ට සෞඛ්‍ය විෂය යටතේ දැනට උගන්වන මීට අදාළව ලබා දෙන දැනුම හා අවබෝධය කිසිසේත් ප්‍රමාණවත් නැතැයි ද වෛද්‍ය සිසිර ලියනගේ පෙන්වා දෙයි.

අප සැමවිටම අවදානමට පෙර අවධානයෙනි….

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

upekka_lankanewsalert_10_27_2016

පාර්ලිමේන්තුව තුළදී අමාත්‍යවරුන්ගෙන් මන්ත්‍රිවරියන්ට ලිංගික බලපෑම් -මටත් කීප දෙනෙක්ම කතා කලා

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රිවරියන්ට ඇතැම් මැති ඇමතිවරුන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බව , හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ...