Home / ජනමතය / නිජබිම සංකල්පය මත ඉදිරිපත් වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ලක්ෂණ

නිජබිම සංකල්පය මත ඉදිරිපත් වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ලක්ෂණ

බෙදුම්වාදී යුද්ධයේ තීරණාත්මක අවධියක් වූ 2008 සැප්තැම්බර් මාසයේදී  “සිංහල හඩ” සංවිධානය හරහා පේරාදෙණිය විද්‍යාර්තීන් පිරිසක් විසින් ප‍්‍රකාශයට පත් කල “දෙමළ ඊළාම් නිජබිම ප‍්‍රශ්නය” නැමති පොත් පිංච ම`ගින් යුද්ධයේ දාර්ශනික පදනමට ප‍්‍රබල බුද්ධිමය ප‍්‍රහාරයක් එල්ල කරන්නට යෙදුනි. එම කෘතිය මගින් මහා වංශය සම`ග සැසදීමේදී ඉතා දුප්පත් ඉතිහාස මූලාශ‍්‍රයක් වූ “යාල්පාන වයිපමාලෙයි ” නම් වූ දෙමළ ඊළාම් නිජබිම සංකල්පය තහවුරු කෙරෙන ප‍්‍රධාන ඉතිහාස ග‍්‍රන්ථය ඉතා තර්කාණුකූලව අභියෝගයට ලක් කොට ඇත. මුහන්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා මහතා විසින් සිංහලට පරිවර්තනය කළ එම මිත්‍යා ප‍්‍රබන්ධය රචනා කොට ඇත්තේ මයිල්වාගනම් පුලවර් නම් වූ අප‍්‍රකට පුද්ගලයකු විසින් 1736 තරම් මෑත කාලයේදීය.

යාල්පානම් වයිපමාලෙයි ප‍්‍රබන්ධය පිළිබ`ද තර්කාණුකූල විමර්ශනයක් මගින් සහ වෙනත් පෙර අපර දිග විශ්වාසනීය ඉතිහාස මූලාශ‍්‍ර ම`ගින් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ දාර්ශනික පදනම සුනුවිසුනු කිරීමට දෙමළ ඊළාම් නිජබිම නම් වූ එම කුඩා කෘතිය සමත් වී ඇත. එහෙත් යුධ ජයග‍්‍රහණයෙන් පසුව එම මතවාදී පදනම තහවුරු කිරීම ස`දහා දේශපාලන වේදිකාවේදී ඊට අදාලව බරපතල බුද්ධිමය සංවාදයක් සිදුවූයේ නැත. එම නිසා බෙදුම්වාදයේ දාර්ශනික පදනම මතවාදී වශයෙන් පරාජය කිරීම කෙතරම් පහසු වූවත් ඊට අදාලව දේශපාලන මෙහෙයුමහක් දියත් වූයේ නැත. එම තත්වය තුල අද වන විට එම දුප්පත් සහ ව්‍යාජ දර්ශනික පදනම මත දියත් වූ යුද්ධය පරාජය කොට වසර 07 කට පසුව ඊනියා නිජබිම සංකල්පය මත පදනම් වූ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට තරම් වර්තමාන රජය ධෛර්්‍යයමත් වී ඇත. එය ඉතිහාසයේ ඛේදජනක සරදමක් නොවේද?

ටී.එන්.ඒ. පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශන සහ එම පක්ෂයේ නායකත්වයෙන් ඇතිකරගත් සිංගප්පූරු එක`ගතාව මෙන්ම 2009 සර්වපාක්ෂික විද්වත් කමිටු නිර්දේශ පමණක් නොව ව්‍යවස්ථා සම්පාදක කි‍්‍රයාවලියේ ” සුළුපියා ” ලෙස කටයුතු කරන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ යම් ප‍්‍රකාශ ආදී විවිධ මූලාශ‍්‍ර සැලකිල්ලට ගැනීමේදී නව ව්‍යවස්ථාව සකස් වන්නේ ඊනියා නිජබිම සංකල්පය මත බවට ඉතා ප‍්‍රබලව තර්ක කළ හැක. ඒකීය වගන්තිය ව්‍යවස්ථාෙවි තිබියදීම ලබා දී ඇති 13 වන සංශෝධනයේ ෆෙඩරල් බලතල වලට ඉතා සුළු එකතු කිරීමක් ම`ගින් ඒකීය ලේබලය යටතේ ”ෆෙඩරල් ” වලින් එහාට ගිය ” කොන්ෆෙඩරල් ” ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ තාක්ෂණික ගැටළුවක් නැත. එසේ කිරීම ස`දහා ගන්නා වූ උත්සහය තුල මතුවිය හැකි දේශපාලන ගැටළු ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමටත් පෙර යම් පමණකට විසදා ගැනීමට බෙදුම්වාදී පාර්ශව සමත් වී ඇත.

ඒ අනුව 13 වන සංශෝධනයේ බලතල ඉක්මවා යන ප‍්‍රතිපාදනයක් ලෙස 1987 සිටම ඉදිරිපත් වූ ඉල්ලීමක් වන පලාත් සභා සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හරහා යෝජනාවක් ඉදිරිපත් කරවා ගැනීමට ඔවුන් සමත් වී ඇත. එම යෝජනාවලිය තුල සුළු ජාතීන්ගේ අභිලාෂ ඉටුකිරීමේ උවමනාවද අවධාරණය කොට ඇත. දෙමළ සහ මුස්ලිම් සුළු ජන කොටස් වල සැබෑ අභිලාෂය විය යුත්තේ සියළු ජන කොටස් වලට සමානව සලකන ව්‍යවස්ථාවකි. නමුත් එම යෝජනාවලියෙන් හුවා දැක්වෙන්නේ බෙදුම්වාදී කප්පම් කරුවන්ගේ අභිලාෂයන්ය. එදා 1985 තිම්පු සාකච්ඡුා වල සිට එම කප්පම්කරුවන්ගේ මූලික අභිලාෂය වූයේ තිම්පු සංකල්ප පිළිගන්නා ව්‍යවස්ථාවකි. එනම් දෙමළ ජනතාව වෙනම ජාතියක් බව, ඔවුන්ගේ නිජබිම උතුරු නැගෙනහිර පලාත් බව සහ ඔවුනට ස්වයං තීරණ අයිතිය ඇති බව පිළිගැනීමය. ” දෙමළ ඊළාම් නිජබිම ප‍්‍රශ්ණය ” කෘතියෙන් මූලික වශයෙන් අභියෝග කරන්නේ එම පිළිගැනීමටය.

වර්තමාන යහපාලන ආණ්ඩුවට එහි උපතේ පටන්ම උරුම වූ ප‍්‍රධාන කොන්ත‍්‍රාත්තු ති‍්‍රත්වයක් ඇත. ඉන් පළමුවැන්න බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට අවශ්‍ය ආකාරයට රාජ්‍ය ව්‍යුහය දුර්වල කිරීම ස`දහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. දෙවැන්න ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීමයි එය සිදු කරන්නේ සංහිදියාවේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අවශ්‍යතාවයක් ලෙසිනි. එම ක‍්‍රියාවලි දෙක එකම අසිපතේ තල දෙකකි. ඒ ම`ගින් රට බෙදා වෙන් කිරීම ස`දහා සහ ඉන්දියානු සහ ඇමරිකානු අධිරාජ්‍යවාදී බලවේග වලට ශ‍්‍රී ලංකාවේ සහ දෙමළ ඊළමේ පය තබා ගැනීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කෙරේ. ආර්ථික සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ නාමයෙන් සාධාරණීකරණය කෙරෙන තුන්වන කොන්ත‍්‍රාත්තවු වන්නේ කොල්ලකාරී නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ නව මානයකට ගෙන යන නීතිමය සහ පරිපාලන වෙනස්කම් සිදුකිරීමයි. ඉදිරියේදී සම්මත කිරීමට පෙලගස්වා ඇති 15 කට අධික පනත් කෙටුම්පත් වල මූලික අරමුණ වන්නේ එයයි.

කෙසේවෙතත් හමුදාව දුර්වල කිරීමේ කි‍්‍රයාවලිය ඉතා සංකීර්ණ සහ පුළුල් මෙහෙයුමකි. ඊට උතුරේ හමුදා කදවුරු ආශි‍්‍රත ඉඩම් නිදහස් කිරීම මගින් ඒවා යුධමය උපාය මාර්ගික වශයෙන් දුර්වල කිරීම, කදවුරු ප‍්‍රමාණය අඩු කිරීම සහ නැවත ස්ථාන ගත කිරීම එම කදවුරු වල හමුදා නිලධාරීන්ගේ ප‍්‍රමාණය අඩු කිරීම, ප‍්‍රාදේශීය වරායවල් සහ ගුවන්තොටුපලවල් සිවිල් පාලනයට යටත් කිරීම සහ ඒවායේ කි‍්‍රයාකාරීත්යට විදේශීය සමාගම් සහ විදේශීය රාජ්‍යය මැදිහත්කර ගැනීම ආදී කි‍්‍රයාමාර්ග රාශියක් අයත් වේ. ඊට අමතරව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත, අනාගතයේදී සම්මත කිරීමට නියමිත යුධ අපරාධ අධිකරණ පනත සහ සාමාන්‍ය නීතිය යටතේ දේශපේ‍්‍රමී රණවිරුවන්ට දඩුවම් කිරීම මෙන්ම හමුදා ඔත්තු සේවා නිළධාරීන් බොරු චෝදනා මත දීර්ඝ කාලීනව රිමාන්ඞ් බන්ධනාගාර ගත කර තැබීම ආදී කි‍්‍රයාමාර්ගද ඊට අයත් වේ. එසේම යුධයේ විවිධ වගකීම් දැරූ නිළධාරීන්ට උසස් වීම් සහ සේවා ලබා නොදීම, දිරි ගැන්වීම් සහ වරප‍්‍රසාද කපා හැරීම හරහා හමුදාව අත්හැර යාමට පෙළඹවීම සහ අභ්‍යන්තර පරීක්ෂණ ම`ගින් යුද්ධය පැවති කාලයේ සිදුවූ විවිධ සිදුවීම් මුල්කරගෙන දඩුවම් කිරීම ආදී බහුවිධ කි‍්‍රයාමාර්ග හරහා ආරක්ෂක හමුදාව දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ උවමනාව ඉටු කෙරේ.

නිජබිම සංකල්පය මත පදනම්ව බෙදුම්වාදී අභිලාෂ ඉටු කෙරෙන නව ව්‍යවස්ථාව තුලට ඉතා සූක්ෂමව ඇතුල් කෙරෙන මූලික බෙදුම්වාදී ප‍්‍රතිපාදන 8ක් හදුනාගත හැක. දැනට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදී ඇති බරපතල ෆෙඩරල් ලක්ෂණ එසේම තිබියදී එම අමතර ලක්ෂණ ඇතුල් කිරීම මගින් එකීය ලේබලය යටතේ ෆෙඩරල් තත්වය ඉක්මවා යන කොන්ෆෙඩරල් හෙවත් එක්සත් රාජ්‍යයක් බිහිකිරීමේ හැකියාව ඇත. බෙදුම්වාදීන් විසින් ඒකීය සහ එක්සත් යන වචන එක සමාන වචන ලෙස හුවා දැක්වීමට ගන්නා උත්සාහය අහඹු කි‍්‍රයාවක් නොවේ. එහිදී උපක‍්‍රමයක් ලෙස ඒකීය සංකල්පය, බුද්ධාගමට මුල්තැන දීම, ජාතික කොඞ්ය සහ ජාතික ගීය වෙනස් කල යුතු බවට ව්‍යාජ මතයක් සමාජ ගත කලත් එම ” ලේබල් ” වෙනස් කිරීමේ උවමනාවක් බෙදුම්වාදීන්ට නැත. ඔවුනට අවශ්‍ය වන්නේ සිංහලයාට “ලේබල් ” ඉතිරි කොට ෆෙඩරල් ලක්ෂණ හැකිතාක් ව්‍යවස්ථාවට ඇතුල් කර ගැනීමටය. එහිදී ඔවුන් 13 වන සංශෝධනයෙන් දැනටමත් ලැබී ඇති බරපතල බෙදුම්වාදී ප‍්‍රතිපාදන වන පොලිස්, ඉඩම් සහ මහ ඇමති මූල්‍ය බලතල මෙන්ම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ආදිය පිළිබද සමාජ සංවාදයක් නැවත මතු කිරීමෙන් වැලකී සිටීමටද ඔවුන් හැකිතාක් පරිස්සම් වනු ඇත.

කෙසේවෙතත් ඉහත ස`දහන් කල “ලේබල් ” ඉවත් කරන බවට සමාජය තුල මතු කොට ඇති ඝෝශාව තුල ඒවා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට ප‍්‍රතිඥවක් ලබා දීම ම`ගින් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ලකුණු දමා ගැනීමේ ඉඩක් විවර වේ. එම`ගින් මහජනයා තුල ව්‍යාජ ආරක්ෂාකාරි මනසක් ඇති කොට ” කොලේ වසා ” ඉදිරිපත් කරන බරපතල බෙදුම්වාදී සංශෝධන පිළිබ`ද සමාජ අවධානය අඩු කිරීමේ හැකියාවක්ද ලැබේ. එසේ වුවත් එම ” ලේබල් ” වල සුළු වෙනස්කම් කිරීම සහ පසුව විරුද්ධ පක්ෂ වල ” ප‍්‍රබල ඉල්ලීම් ” මත ඒවා නැවත වෙනස් කිරීමේ උපක‍්‍රමයද ආණ්ඩුව යොදා ගන්නා බවට සැකයක් නැත. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය සහ ටී.එන්.ඒ. පක්ෂය වැනි පිටත සිට ආණ්ඩුව පවත්වා ගෙන යෑමට තල්ලූව දෙන බලවේග එසේ විවිධ ව්‍යාජ සංශෝධන ඉදිරිපත් කිරීම ම`ගින් ඔවුන්ගේ ප‍්‍රතිරූප බේරා ගැනීමටද උත්සාහ කරනු ඇත. බොහෝ විට එසේ සංශෝධනය කිරීම ස`දහාම යම් වගන්ති ප‍්‍රමාණයක් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ව්‍යවස්ථා පැකේජයට ඇතුල් කෙරෙන බවට සැකයක් නැත.

මෙම විචිත‍්‍රවත් ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය අවසානයේදී බෙදුම්වාදී අභිලාශයන් ඉටු කිරීම සදහා ව්‍යවස්ථාවට ඇතුල් කෙරෙන මූලික ප‍්‍රතිපාදන 08 මෙසේ හදුනා ගත හැක. එහි පළමුවැන්න වන්නේ රටේ ජන සංයුතිය මෙන්ම ජන කොටස් වල විවිධත්වය සහ ලක්ෂණ ව්‍යවස්ථාවට ඇතුල් කිරීමේ මුවාවෙන් තිම්පු සංකල්ප ති‍්‍රත්වයෙන් 02ක් වන දෙමළ ජනතාව වෙනම ජාතියක් බව උතුරු නැගෙනහිර ඔවුන්ගේ නිජ භූමිය බව තහවුරු කිරීමයි. ඒ තුල මුස්ලිම් ජනතාවද ජාති්යක් ලෙස පිළිගත යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් විය හැක. එවිට ඔවුන් බහුලව ජීවත් වන ප‍්‍රදේශ පිළිබදව සදහනක් ව්‍යවස්ථාවට ඇතුල් කිරීමේ ඉඩක් ඇත. ඒ ම`ගින් මුස්ලිම් බෙදුම්වාදී බලවේග ඉල්ලා සිටින ” ඒකාබද්ධ නොවූ මුස්ලිම් රාජ්‍යය ” සංකල්පය තහවුරු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

දෙවන බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ තිම්පු සංකල්ප වල තුන්වැන්න වන ස්වයං තීරණ අයිතිය සංකල්පය සහ ඒ සමග ගැට ගසා රටේ පරමාධිපත්‍ය සමස්ථ රටේ ජනතාව අතර සහ පළාත් සභා ප‍්‍රදේශයක ජනතාව අතර බෙදී යන බව පිළිගන්නා සංකල්ප ව්‍යවස්ථාවට ඇතුල් කිරීමයි. ඒවා මූලික අයිතිවාසිකම් යටතේ ඉතා සූක්ෂමව ඇතුල් කිරීමට ඉඩ ඇත. බොහෝ විට ඒ ස`දහා මූලික අයිතිවාසිකම් පුද්ගල සහ පොදු වශයෙන් වර්ගීකරණය කිරීමටද ඉඩ ඇත. බලය බෙදී යාමේ සංකල්පය යටතේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල මධ්‍යම ආණ්ඩුව සහ පාලාත් සභාව අතර පැහැදිලිව සහ නිශ්චිතව වෙන් කර පෙන්වනු ඇත. තුන්වන බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ දැනටමත් යෝජනා වී ඇති ආකාරයට සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීමයි. එම ඉල්ලීම 1987 දී 13 වෙනි සංශෝධනය සකස් කරමින් පවතින අවස්ථාවේ සිටම ඉදිරිපත් වූවකි. එම සංශෝධනය 13 වෙනි සංශෝධනයෙන් එහාට යාමක් ලෙස සැලකෙන බරපතල එකකි. එය අනාගතයේදී රට දෙකඩ කිරීමේ ක‍්‍රියාවලිය ජාත්‍යන්තර නීතිය යටතේ සාධාරණීකරණය කිරීමේදී අවශ්‍ය වන ප‍්‍රධාන සංකලප දෙක වන ස්වයං තීරණ අයිතිය සහ පරමාධිපත්‍යයේ බෙදීයාම ප‍්‍රායෝගිකව තහවුරු කිරීම ස`දහා වැදගත් වන මූලික ප‍්‍රතිපාදනයකි. මෑත කාලීනව ටී.එන්.ඒ. පක්ෂය විසින් එම ඉල්ලීම වඩාත් සංකීර්ණ කිරීම සදහා පලාත් බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යන බලතල ලැයිස්තු දෙකම ඉවත් කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්කොට ඇත. එම`ගින්ද සිදුවන්නේ එකම දෙයකි. නමුත් එවිට මහජන ඇස් ඉදිරියේ සමගාමී ලැයිස්තුව පමණක් ඉවත් කිරීමේදී ඇතිවන භීතිය යම් පමණකට සමනය වේ.

හතරවන බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ සෙනේට් සභාව නමින් පාර්ලිමේන්තුවට ඉහල ආයතනයක් පිහිටුවීම සහ ව්‍යවස්ථාව ආශ‍්‍රිත ගැටුම් විසදීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහලින් ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමයි. මධ්‍යම ආණ්ඩුව විසින් නව අණපනත් සම්මත කිරීමේදී බෙදුම්වාදී උවමනා ආරක්ෂා කිරීම සෙනෙට් සභාවේ මූලික අරමුණ වේ. ඊට අමතරව එමගින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන යම් තීන්දු නැවත පරික්ෂාවට ලක් කිරීමට සහ ඒවා ක‍්‍රියාත්මක කිරීම පමා කිරීමටද ඉඩක් විවර වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පිටින් පිහිටුවනු ලබන ඊනියා ව්‍යවස්ථා අධිකරණයට විනිසුරුවන් නොවන එන්.ජී. ඕ. කාරයින් ජනවාර්ගික පදනමින් පත් කිරීමට ප‍්‍රතිපාදන සැලසෙනු ඇත. යම් අවස්ථාවක පලාත් සභාවකට හෝ කලාප සභාවකට එරෙහිව ජනාධිපතිවරයා විසින් ගනු ලබන හදිසි කි‍්‍රයාමාර්ග පවා නැවත සලකා බැලීමට මෙම ඊනියා ව්‍යවස්ථා අධිකරණයට බලය ලැබෙනු ඇත.

පස්වැනි බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ පලාත් සභාවල ප‍්‍රධාන නිළධාරින් සහ කොමිෂන් සභා පත් කිරීමේ පූර්ණ බලය මහ ඇමතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදීමයි. ඒ තුල විශේෂයෙන්ම ආණ්ඩුකාරයා පත්කිරීමේදී මහ ඇමතිවරයාගේ කැමැත්ත විමසීම අනිවාර්ය කෙරෙනු ඇත.ඒ ම`ගින් ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කිරීම හරහා ජනාධිපතිවරයා විසින් කරනු ලබන මැදිහත් වීම් අවම කෙරෙනු ඇත. හයවැනි බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ ජනාධිපතිවරයා විසින් හදිසි තත්වයකදී පලාත් සභාවපලාත් සභාව විසුරුවා හැරීම හෝ හමුදාව කැදවීම වැනි තීන්දු ගැනීමට යම් බාධා ඇති කරන ආකාරයට දුර්වල කිරීමයි. ඒ ම`ගින් ජනාධිපතිවරයාගේ තීන්දු ඊනියා ව්‍යවස්ථා අධිකරණය ම`ගින් බල රහිත කිරීමේ හෝ වෙනස් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එහිදී මහජන ආරක්ෂක පනත යටතේ මේ වන ජනාධිපතිවරයා සතු බලතලද දියාරු කෙරෙනු ඇත. මෙම ක‍්‍රියාමාර්ග ජනාධිපති බලතල අඩුකිරීම හෙවත් ජනාධිපතිවරයාගේ තටු කැපීම නැමැති දේශපාලන වශයෙන් වාසිදායක සටන් පාඨයට මුවා වී එම ක‍්‍රියාමාර්ග වල බරපතලකම සමනය කෙරෙනු ඇත.

හත්වෙනි බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා සතු මූල්‍ය බලතල වලට පරිබාහිරව ස්වාධීනව ක‍්‍රියාත්මක කල හැකි මූල්‍ය බලතල ප‍්‍රමාණයක් පලාත් සභාවට සහ මහ ඇමතිවරයාට ලබාදීමය. විශේෂයෙන්ම මහ ඇමතිවරයාට ස්වාධීනව තම දේශපාලන උවමනාවන් අනුව කළමණාකරණය කල හැකි අරමුදලක් ඇති කිරීමටද අවසර ලැබෙනු ඇත. එහිදී පලාත් සභාව ජාතික මූල්‍ය කොමිසමෙන් හෝ මහ බැංකුවේ අවසරය නොමැතිව විදේශ අරමුදල් සහ ණය ලබා ගැනීමට ප‍්‍රතිපාදන සැලෙසුනු ඇත. එම`ගින් කොටින්ගේ කළු සල්ලි සුදු කිරීමටද පොටක් පෑදෙනු ඇත.

අටවැනි බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ පලාත් සභා ආශ‍්‍රිත ඉඩම් බලතල ශක්තිමත් කිරීම මගින් මධ්‍යම රජයේ කටයුතු වලට පලාත් ඉඩම් යොදා ගැනීමේදී බධා ඇති කිරීමයි. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට අදාලව ඉඩම් යොදා ගැනීමේදී සීමා පැනවීමට එමගින් පලාත් සභාවට බලය ලැබේ. එවිට හමුදා කදවුරු පවත්වාගෙන යාම සදහා පලාත් සභාවේ අවසරය ලබා ගැනීමට සිදුවනු ඇත. එම බලය යොදා ගනිමින් උතුරු නැගෙනහිර හමුදා ක`දවුරු වල භූමිය සීමා කිරීමට, ඒවා ඉවත් කිරීමට හෝ නැවත ස්ථාන ගත කිරීමට බලපෑම් කෙරෙනු ඇත. කෙසේ වෙතත් හමුදා කදවුරු කුඩා කිරීම, යම් ප‍්‍රමාණයක් ඉවත් කිරීම සහ නිළධාරි සංඛ්‍යාව අඩු කිරීම වැනි බෙදුම්වාදී උවමනාවන් ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර ඉටු කර දෙන බවක්ද පෙනෙන්නට ඇත. මෙම අටවැදෑරුම් බෙදුම්වාදී ප‍්‍රතිපාදන සහිත ව්‍යවස්ථා කෙටුම් පතෙහි සැර බාල කිරීම සදහා විවිධ වචන හරඹ යොදා ගන්නවා ඇත. ඊට අමතරව නව පන්නයේ මූලික අයිතිවාසිකම් සහ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සිවිල් අයිතිවාසිකම් ප‍්‍රමාණයක් ව්‍යවස්ථාවට ඇතුල් කිරීම මගින් කරනු ලබන සැරසිලි ම`ගින්ද බෙදුම්වාදී ප‍්‍රතිපාදන පිළිබද සංවාදය යටපත් කෙරෙනු ඇත.ජනාධිපති බලතල අඩු කිරීම සහ ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම වැනි සැරසිලි ඒ ස`දහා විශේෂයෙන් යොදා ගනු ඇත. එම සැරසිලි කොතෙක් වර්ණවත් වනු ඇත්ද යන්න පැහැදිලි වන්නේ සමලිංගික අයිතිවාසිකම් පවා ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට යෝජනා කිරීම මගින් පැහැදිලි වේ.

ඒ සියල්ලටම වඩා ඊනියා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුලදී සහ පාර්ලිමේන්තුව තුලදී මෙන්ම අමාත්‍ය මණ්ඩලයේදී වරින් වර කරනු ලබන විවිධ සංශෝධන සිදු කිරීමේ ක‍්‍රියාවලිය තුලින් මහජන විරෝධය සමනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇත. නමුත් ඕනෑම රටක් බෙදා වෙන් කිරීමට ප‍්‍රතිපාදන සලසන ව්‍යවස්ථාවක් මහජන ඡුන්දයෙන් හෙවත් ජනමත විචාරණයකදී සම්මත කර ගැනීම පහසු ක‍්‍රියාවක් නොවේ.

දැනටමත් විපක්ෂ කණ්ඩායම් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට පටලවා ගැනීම ම`ගින් සහ ඔවුන් ලවා තමන්ට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරවා ගැනීම මගි්න් අභියෝගයෙන් 50% ජය ගැනීමට ආණ්ඩුව සමත් වී ඇත. ඒ තුල ව්‍යවස්ථාව එළියට දැමූ පසුව ඊට විරුද්ධ වීම සදහා අවශ්‍ය වන සදාචාර බලයද විපක්ෂයට අහිමි වේ. දැනටමත් විවිධ වාමවාදී කණ්ඩායම් එකතු කිරීමට යම් ඔත්තු සේවා විසින් ගන්නා වූ උත්සාහය තුළින් පැහැදිලි වන්නේ තවත් පෙරමුණකින් සුළු ජාතික හිතවාදී ව්‍යවස්ථාවක වැදගත්කම සාධාරණීකරණය කිරීමට විශේෂ උත්සාහයක් ගැනෙන බවය. මෙහිදී විපක්ෂය තුල මානසික බාධක පැනවීම විශේෂ උපක‍්‍රමයක් ලෙස භාවිතා වනු ඇත. එනම් සුළු ජාතික ඡන්ද ලබා ගැනීම ස`දහා යම් දෙයක් දිය යුතුය යන ස්ථාවරයට විරුද්ධ නොවී සිටීමේ තත්වයක් ඇති කිරීමයි. නමුත් සැබෑ ලෙසම එම මානසික බාදක ජය ගත හැක්කේ බෙදුම්වාදී නායකයින්ට කප්පම් දීම වෙනුවට සුළු ජාතික සාමාන්‍ය ජනතාව ඇතුළු සියළු පුරවැසියන්ට රටේ කුමන ප‍්‍රදේශයක ජීවත් වුවත් සමානව සැලකිය යුතුය යන ස්ථාවරයේ දැඩිව සිටීම ම`ගිනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Check Also

ජනප්‍රිය පාසල් නිසා ජන අප්‍රිය වන අධ්‍යාපන ක්‍රමය

දරුවන් පාසලට ඇතුලත් කිරීම සම්බන්ධව වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අධ්‍යාපන ඇමතිවරයා අතරඇවිලුන සටන තවමත් අවසන්ව ...

One comment