Home / Featured / වැඩි පඩි ඉල්ලා අදත් මහ විරෝධතා …ටයර් පුළුස්සමින් කම්කරුවෝ වැඩ වර්ජනය!

වැඩි පඩි ඉල්ලා අදත් මහ විරෝධතා …ටයර් පුළුස්සමින් කම්කරුවෝ වැඩ වර්ජනය!

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකමිකරුවෝ තුන්වන දිනටත් ප‍්‍රධාන මාර්ගවලට පිවිස උද්ඝෝෂණය කිරිම හේතුවෙන් හැටන් මස්කෙළීය බගවන්තලාව ආගරපතන හැටන් ගිනිගත්හේන ප‍්‍රධාන මාර්ගවල ගමනා ගමන කටයුතු අද (29) උදැසන 8.00 සිට පෙරවරු 10.00 දක්වා වරින් වර ඇණහිටියා.

වතුකම්කරුවන් පවසන්නේ තමන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වි තමන්ට සාධාරණ වැටුපක් ලබා දිමට වතු සමාගමි කි‍්‍රයා කර නොමැති බවයි. වතුකමිකරුවන් අවධාරණය කර සිටින්නේ දැනට පවතින ජිවන වියදම අනුව දිනක වැටුප රුපියල් දහස දක්වා ඉහළ යායුතු බවයි.

වතුකම්කරුවන් පැය දෙකක් සංකේත වැඩ වර්ජනයක නියලි සිට ප‍්‍රධාන මාර්ගවල උද්ඝෝෂණය කර නැවතත් තේ දළු නෙලිමේ කටයුතු වල නිරතව සිටින නිසා තේ වතු සමාගමි වලට මේ වන විටත් විශාල පාඩුවක් සිදුවි ඇති බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ .තේ කිලෝවක නිෂ්පාදිත වියදම හා ලෝක වෙළදපොළේ තේ කිලෝවක් සදහා දැනට ලැබෙන මිළ අනුව වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් හයසිය හැත්තෑ පහ දැක්වා වැඩි කිරිමට වතු සමාගමි එකගවි තිබෙනවා. එම වැටුප ප‍්‍රමාණවත් නොවන බවයි වතුකමිකරුවන් පවසන්නේ. උද්ඝෝෂණයේ නියලි වතුකමිකරුවන් වතු පාලන අධිකාරියට සංදේශයක්ද භාර දෙනු ලැබුවා.

(රංජිත් රාජපක්ෂ )

01-2 01-4 01-8 01-10 01-12

Check Also

පරණ ශ්‍රි ලංකා කාරයෝ හරි මගට එනකම් බලන් ඉන්න බෑ!

පරණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් හරි මගට එන තුරු ජනාධිපතිවරයාට බලා සිටිය නොහැකි බවත් ...

One comment