Home / Featured / විරෝධතා නොනවතී …වැඩි පඩි ඉල්ලා අදත් කම්කරුවන් මහා පාරට !

විරෝධතා නොනවතී …වැඩි පඩි ඉල්ලා අදත් කම්කරුවන් මහා පාරට !

වතුකම්කරුවන්ට දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලා ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සමගාමිව දික්ඔය ප‍්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසක් අද (03) දහවල් හැටන් දික්ඔය නගර මධ්‍යයේ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් බගවන්තලාව, හැටන් මස්කෙළිය, සාමිමලේ නල්ලතන්නිය, ලක්‍ෂපාන සහ බලංගොඩ යන මාර්ගවල ගමනා ගමන කටයුතු අද (03) දහවල් සම්පුර්ණයෙන්ම ඇණ හිටියා.

උද්ඝෝෂණයේ නියලි සිටී වතුකම්කරුවන් පවසන්නේ අද රටේ පවතින ජිවන වියදම අනුව තමන්ට රුපියල් දහසක වැටුපක් ලැබිය යුතු බවයි. එහෙත් වතු හාමිපුතුන්ගේ සංගමය පවසන්නේ තේ කිලෝවක් නිෂ්පාදනය සදහා දැනට වැය වන මුදල සහ ලෝක වෙළදපොළේ තේ කිලෝවකට ලැබෙන මුදල හා සසදා බැලීමේදී වතුකම්කරුවෙකුට රුපියල් හයසිය හැත්තෑ පහක වැටුපක් දිනකට ලබා දිය හැකි බවයි. මෙම විරෝධතාවය හේතුවෙන් දික්ඔය මුලික රෝහලේ සිට නාවලපිටිය මුලික රෝහල දක්වා රෝගින් රැගෙන ගිය ගිලන් රථ සදහාද බාධා පැමිණුනා.

මේ අතර අද උදෑසන වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් , වටවල නගරයේද දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා .

(රංජිත් රාජපක්ෂ )
03 04 06 9 11

Check Also

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් උතුරු නැගෙනහිරටත් ඕනෑ…., සම්බන්ධන් Greiffට කියයි

දෙමළ ජනතාවගේ ඉඩම් යනු ඔවුන්ගේ අවශ්‍යවයටත් වඩා ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වූ අතිශය සංවේදී කාරණාවක් ...

One comment