Home / ප‍්‍රාදේශිය / බස් රථයක් පෙරලෙයි …71 කට තුවාල …වැඩි දෙනෙකු පාසැල් සිසුන්
bus-accident-_newsalert_10_10_2016

බස් රථයක් පෙරලෙයි …71 කට තුවාල …වැඩි දෙනෙකු පාසැල් සිසුන්


තලවාකැලේ සිට ඩයගම දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් එම මාර්ගයේ වාලමෙලෙයි හෙල්බොඩ වතුයාය ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන කන්දක හැපිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු 71 දෙනෙකු සුලූ තුවාල ලබා ආගරපතන ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව ආගරපතන පොලිසිය පැවසුවා.

අද (10) උදෑසන 8.00 ට පමණ මෙම අනතුර සිදුවු බවයි පොලිසිය පවසන්නේ. බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇති වු හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් බස් රථය නතර කර ගැනිමට රියදුරා ධාවනය වු බස් රථය ප‍්‍රධාන මාර්ගයේ වු කන්ද හප්පවා බස් රථය නතර කරගෙන තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මෙම පාසල් ළමුන් පිරිස සුලූ තුවාල ලබා ආගාරපතන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගෙන් කොටසක් බාහිර රෝගි අංශයෙන් ප‍්‍රතිකාර ලබා පිටවගොස් ඇති අතර සෙසු අය නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ආගරපතන පොලිස් ස්ථානාධිපති ආනන්දසිරි පැවසුවේ . අනතුර පිළිබද ආගරපතන පොලිසිය පරික්‍ෂණ පවත්වනවා.

(රංජිත් රාජපක්ෂ )

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

haton-news_newsalert_13_10_2016

බලධාරින් විරෝධතා සතයකට මායිම් නොකරයි …වැඩි පඩි වීම් නෑ …අදත් වතුකම්කරුවන් විරෝධයේ !

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් හත්සිය තිහ දක්වා වැඩි කරන බව පවසමින් වතුහාමිපුතුන්ගේ සංගමය හා ...