වසර 15 කට ලයන් එයාර් ගුවන් යානයෙන් මිය ගිය පුද්ගලයින් 05 දෙනෙකු හදුනා ගැනේ

0

වසර 15 කට පෙර එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගෙන් බෝම්බ ප‍්‍රහාරයෙන් ලයන් එයාර් ගුවන් යානයෙන් මිය ගිය පුද්ගලයින් 05 දෙනෙකු ඔවුන්ගේ ඥාතීන් විසින් හදුනාගෙන තිබේ. ත‍්‍රස්ත විමර්ශන ඒකකය හා අධිකරණ විසින් බෝම්බ ප‍්‍රහාරයට ලක් වුවන්ගේ භාණ්ඩ සහ රෙදි පිළි හදුනා ගැනීම සඳහා මහජන ප‍්‍රදර්ශනයට තබා තිබේ.

ඒ අනුව ඉනුවිල් ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් පස් දෙනෙකුගේ හදුනා ගැනීමට ඔහුන්ගේ ඥාතීන්ට හැකි වී තිබේ. ඒ බාලසුන්දරම් මනෝරංජනි (42) ඇයගේ පුත් බාලසුන්දරම් සහන්දවෙල් (24) සහ ඔහුගේ මාමා රගුනාදන් යන අය එම පවුලේ වැඩිමහල් පුත් විසින් හදුනා ගෙන තිබේ. අයියන්කුට්ටු (36), අයියන් පැරතන් (26) යන අයත් එම පවුලේ සහෝදරයා විසින් හදුනා ගෙන තිබේ.

මන්නාරමේ ඉරණතිව් දූපත අසල මුහුදේදී 1998 සැප්තැම්බර් 29 දා මෙම එයාර් ලයන් යානාව කොටින්ගේ ස්‌ට්‍රෙලා මිසයිල ප්‍රහාරයකින මෙම යානය විනාශයට පත්වුනා.

ලංකා ඩී ජයවර්ධන

 AIR (1) AIR (2) AIR (3) AIR (4) AIR (5) AIR (7) AIR (8) AIR (9) AIR (10) IMG_0181