Home / ප‍්‍රාදේශිය / පොලිෂ් නැති පොලිසිය කල ඌරු වැඩක්
hatton_polisce_lne

පොලිෂ් නැති පොලිසිය කල ඌරු වැඩක්


වල්ඌරු මස් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිසියෙන් මුදාහරි. වල්ඌරු මස් තොගය උසස් නිළධාරින් පිරිසක් බෙදා ගැනිමේ සිද්ධියක් හැටන් පොලිස් වසමෙන් වාර්තා වේ.

හැටන් පොලිස් වසමට අයත් හැරොල් වතුයායේ වතුකමිකරුවෙකු විසින් හක්කපටස් සවිකර වල්ඌරන් දෙදෙනෙකු මරා මස්කරමින් සිටියදි එම වතුයායේම වතුකමිකරුවන් පිරිසක් හැටන් පොලිස් කොටිඨාශයට එය පිළිබද දැනුමි දි තිබෙනවා. ඒ අනුව එම කොටිඨාශයේ පොලිස් නිළධාරින් දෙදෙනෙකු එම වතුයායට ගොස් මස්කර තිබු වල්ඌරු මස් කිලෝ හතලිස්පහක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නොසිටි නිසා ඔහුගේ බිරිදව පොලිස් නිළධාරින් විසින් හැටන් පොලිස් කොටිඨාශය වෙත රැගෙන විත් තිබෙනවා.

එදින සරස්වති පුජාව තිබු නිසා මෙම සත්ත්ව ඝාතනය පිළිබදව එම වතුයායේ වතුකමිකරුවන් විසින් එම පොලිස් කොටිඨාශයේ නිළධාරියෙකුට ලබාදුන් තොරතුරක් මතයි මෙම වැටලිම සිදුකර ඇත්තේ.

පසුව එම සැකකරු සහ මස් තොගය අධීකරණයට ඉදිරිපත් නොකර වල්ඌරු මස් තොගය හැටන් පොලිස් කොටිඨාශයේ උසස් නිළධාරින් රැසක් මස් තොගය බෙදාගෙන සැකකරුව කිසිදු නිතිමය කි‍්‍රයා මාර්ගයක් නොගෙන මුදාහැර තිබෙනවා. එම වතුයායේ වතුකමිකරුවන් පවසන්නේ මෙවැනි සත්ත්ව ඝාතනයට නිතිය කි‍්‍රයාත්මක නොකර මුදාහැරිම නිසා මෙම සත්ත්ව ඝාතනය සිදුකළ සැකකරු කිසිදු භියකින් හා සැකයකින් තොරව තවදුරටත් වල්ඌරන්ඇතුලූ තේ වතු යායවල් වල සැරි සරන අනෙකුත් සතුන්ද මෙවැනි ආකාරයට දඩයමි කිරිමට පෙළඹෙන බවයි.

හැටන් රංජිත් රාජපක්ෂ

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

haton-news_newsalert_13_10_2016

බලධාරින් විරෝධතා සතයකට මායිම් නොකරයි …වැඩි පඩි වීම් නෑ …අදත් වතුකම්කරුවන් විරෝධයේ !

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් හත්සිය තිහ දක්වා වැඩි කරන බව පවසමින් වතුහාමිපුතුන්ගේ සංගමය හා ...

One comment