Home / Featured / මහින්ද කල්ලියම ජාතිවාදීන් …ඔවුන් කුහකමෙන් ,ඊර්ෂාවෙන් ,ක්‍රෝදයෙන් ඉන්නේ

මහින්ද කල්ලියම ජාතිවාදීන් …ඔවුන් කුහකමෙන් ,ඊර්ෂාවෙන් ,ක්‍රෝදයෙන් ඉන්නේ

පසුගියදා රත්නපුරයේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවතියේ ජාතිවාදය ,වෛරය , ඊර්ෂයාව සහ කුහකකම පැතිරවූ රැස්වීමක් බව , ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ,අමාත්‍ය දිමින්ද දිසානායක පවසයි .අමාත්‍යවරයා මේ බව කියා සිටියේ , කුරුණෑගල ඊයේ (12) පැවති ගොවි උපහාර උළෙලකට එක් වෙමින් .

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ , ඒ ජාතිවාදින් පිරිස තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සදහා , ජාතිවාදි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි . මෙය රටට යහපත් නැති බවත් මෙය මහා විනාශයක පෙර නිමිති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ .

යුද්ධය පැවති කාල සීමාවේදී , අනුරාධපුරයට කොටි ගහනකොට , මායිම් ගම්මානවල ප්‍රහාර එල්ල කරන විට , පොළොන්නරුවේ මායිම් ගම්මානවල ජනතාව අමු අමුවේ කපා කොටා ඝාතනය කරද්දී මේ කිසිවෙකුත් වතුර බෝතලයක් ඒ අයට ලබා දීමට කටයුතු නොකල බවද අමාත්‍යවරයා පැවසුවා .

එසේම වත්මන් ජනාධිපතිවරයා ,රටට අහිතකර තීන්දුවක් නොගන්නා බවත් රටට හිතකර අයවැයක් මිස රටට අහිතකර අයවැයක් ඉදිරිපත් කිරීමට යහපාලන රජය සුදානම් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ.

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...

One comment