Home / Featured / බලධාරින් විරෝධතා සතයකට මායිම් නොකරයි …වැඩි පඩි වීම් නෑ …අදත් වතුකම්කරුවන් විරෝධයේ !
haton-news_newsalert_13_10_2016

බලධාරින් විරෝධතා සතයකට මායිම් නොකරයි …වැඩි පඩි වීම් නෑ …අදත් වතුකම්කරුවන් විරෝධයේ !


වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් හත්සිය තිහ දක්වා වැඩි කරන බව පවසමින් වතුහාමිපුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර අද (14) අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ථ ලංකා වතුකම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයන් හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නියැළුණා .

එම පක්ෂයේ නුවරඑළිය දිස්ති‍්‍රක් සංවිධායක මංජුල සුරවිර අවධාරණය කර සිටින්නේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ යායුතු බවයි. රුපියල් හත්සිය තිහක පඩි වැඩි කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කළහොත් එය වතුකම්කරුවන්ව පාවා දිමක් බවයි උද්ඝෝෂණයේ නියලි සිටී  වතුකම් කරුවන්ද අවධාරණය කර සිටින්නේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් හැටන් බගවන්තලාව හැටන් බලංගොඩ ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (14) ඇණ හිටියා .

(රංජිත් රාජපක්ෂ  )

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

One comment